රසට පොලොස් චට්නි හදා ගන්න මෙන්න ක්‍රමය.හරිම රසයි.ඒ වගේම ගුණයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- තරමක පොළොස් ගෙඩියක්
- විනාකිරි අඩුකෝප්ප ¼
- කුඩා අමු ඉගුරු කැබැල්ලක්
- සුදුලූනු බික් 5ක්
- අබ ටිකක්
- කරාබු නැටි 2-3ක්
- කරදමුංගු ඇට 02ක්
- කුරුදු පොතු කැබැල්ලක්
- කෑලි මිරිස් මේස හැඳි 1
- රතුලූනු 50 g
- සීනි 250 g
- ලුණු රසට අනූව
සාදන ආකාරය:
- පොළොස් ගෙඩිය සෝදා දෙකට හෝ හතරට පලා හොදින් මෘදු වන තුරු තම්බා ගන්න.
- දැන් දිය බේරා හැර වහල්ල,කටුව ඉවත් කර සිහින් කැබලි වලට කපා ගන්න. රතුලූනු ටික සිහින්ව ලියා ගන්න.
- ඉගුරු, සුදුලූනු, අබ,විනාකිරෙන් අඹරා ගන්න.
- දැන් මැටි භාජනයක් ගෙන එයට සීනි, විනාකිරි,ලුනු,සුදු ලුනු ,විනාකිරෙන් අඹරාගත් අබ,ඉගුරු දමා ලිප තබන්න.රසට අනූව ලුණු ද එකතු කරන්න.
- දැන් සිහින්ව කපා ගත් පොළොස්ද දමා මද ගින්නේ පිස ගන්න.
- ඉස්ම හිදී පදම ආ විට ලිපෙන් බා ගන්න.
- නිවෙන්නට හැර වියළි බෝතල් වල අසුරා ගන්න.කල් තබා ගෙන භාවිතයට ගත හැකිය.
0 comments:
Post a Comment