අද අපි කියල දෙන්න යන්නෙ කොහොමද ඉතමත් ලෙසියෙන් බුරියනි එකක් හදන්නේ කියලා කියන්න.වෙනද ගෙදර රයිස් කුකර් එකෙ හදුවෙ නෑත්තම් ඔන්න දෑන් ඉදලා පුලුවන් වෙවි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කුකුල් මස් ග්‍රෑම් 300ක්
- සම්බා හො බස්මති හාල් ග්‍රෑම් 500ක්
- ලුනු ගෙඩි 1 ක්
- දුන් තේල් මෙස හෑදි 2ක්
- සුදු ලුනු ගෙඩි 1/2ක්
- ඉගුරු ස්වල්පයක්
- රම්පෙ කරපින්චා
- කුරුන්දු,එනසල් සහා කරබු නෑටි
- අබ ක්‍රීම් තේ හෑදි 1/2
- කහ කුඩු තේ හෑදි 1
- මස් කරි තුනපහ තේ හෑදි 2
- තුනපහ තේ හෑදි 2
- කොත්තමල්ලි කොල
- ගම්මිරිස් ඈට
- යෝගට් කොප්ප 1/2 ක්
- ලුනු
- අවශ්‍ය ප්‍රමාණයට වතුර
සාදන ක්‍රමය:
- බුරියනි එක අලංකාර කිරිම සදහා ලුනු,කජු,මුදරස් පලම් සහා බිත්තරයක් මෙවා හොදින් රන්වන් පාට වනතුරු බැදගන්න.
- කුකුල් මස් සාමාන්‍ය ප්‍රමාණයට කපා ගන්න.ඉන්පසු හාල් ටික හොදින් සොදා ගන්න.
- රයිස් කුකර් එක ගෙන එයට සියලුම කලමනා එක්කරන්න.අවශ්‍ය ප්‍රමානයට වතුර තබා ගන්න.(ඈගිල්ලේ මෑද පුරුක දක්වා වතුර )ඉන්පසු ස්විචය ක්‍රියාත්මක කර සාමාන්‍ය බත් පිස ගන්නා අකරයට පිස ගන්න.
- මෙ අතර කජු,තම්බා ගත් බිත්තරය,මුදරස්පලම්,ලුනු හොදින් රන්වන් පෑහෑ ගන්වනතුරු බෑද ගන්න.
- බුරියනි එක පිසුනු පසු පිගානට හො භාජනයකට දාමා අලංකරය සදහා සකස් කරගන්නා මිශ්රනය උඩින් එක් කරන්න.
තව කෙනෙකුට කියවන්න Share කරන්න...
0 comments:
Post a Comment