අද අපේ කතාව තවත් සුවිශේෂි ඉතිහාස වටිනාකමක් සහිත ස්ථානයක්.ගලෙහි නෙලන ලද පෙම් යුවල නිසා මේ තැන තවත් ප්‍රසිද්ධයි.ඒ තමා ඉසුරුමුණිය.
අනුරාධපුර අටමස්ථානය වදින්න යන හැමෝම වගේ නොවරදවාම සැදැහැසිතින් යන ස්ථානයක් තමා ඉසුරුමුණිය රජ මහා විහාරය.
මෙය අටමස්ථානවලට නම් අයත් නෑ.මෙයට ඉසුරුමුණිය කියන නම ලැබුනූ ආකාරය පිළිබඳව ජනප්‍රවාදයක් තියෙනවා..
ඒ කියන්නේ ඉසුරුමත් පුරුෂයින් පන්සියයක් මිහිදු මහා රහතන් වහන්සේ වෙත පැමිණ පැවදි ව විසූ ස්ථානයේ දේවානම් පියතිස්ස රජූ වෙහෙරක් කළ බවත් එය ඉසුරුමුණිය නම් වූ බවත් ජනප්‍රවාදයේ සදහන් වේ.
වලිසිංහ හරිස්චන්ද්‍රයන් 1912 දී ලියූ පොතක සදහන් වන පරිදි "දක්ශින ශාඛා බෝධීන් වහන්සේ පිහිටුවා 8වන දිනයෙහි දේවානම්පියතිස්ස රජතුමා විසින් රෝපණය කරන ලද බෝ පැලයෙන් හට ගත් අංකුර අටෙන් සත්වැනි පැළය ඉසුරුමුණිය විහාරස්ථානයේ පිහිටුවන ලදී..එය දැනුදු පවතී.."
ලෙස සිතියම් සහිත පුරාවිද්‍යාව පොතේ සදහන් වෙනවා.එකල ඉසුරුමුණිය “මේඝගිරි” විහාරය නමින් හැඳින්වූ බව කියවෙනවා.
මීට අමතරව ඉස්සරසමනාරාම”, “කසුන්ගිරි වෙහෙර” ආදී නම් වලින් හඳුන්වා තිබෙනවා..
ධනවතුන් පැවිදිවුණු රාජකීය විහාරය ලෙසත් මෙය හදුන්වා තිබෙනවා..
ඉසුරුමුණියේ ලෝකප්‍රකට කැටයම වී ඇත්තේ පෙම් යුවලක් නිරුපනය කර ඇති කැටයම කියලා නොදන්න කෙනෙක් නම් නැති තරම්...
අඩි 3 අඟල් 1 ක් උස හා අඩි 2 අඟල් 3 පළල චතුරශ්‍රාකාර ගල් පුවරුවක අර්ධ උන්නත වශයෙන් මෙය සමබර ආකාරයෙන් නෙළා තිබෙනවා..
මේ කැටයම ගැනද විවිධ මත පලවී තිබෙනවා.. මේ දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය හා ඔහුගේ සිත්ගත් සැඩොල් තරුණියක වූ අශෝකමාලා ගේ බව මත පලවෙනවා...
නමුත් කාල නිර්නයන් අනුව මෙය සාලිය අශෝකමාලා නොවන බවට තර්ක ඉදිරිපත් වී ඇත...
මීට අමතරව මෙහි අනෙක් සුවිශේෂි කැටයම වන්නේ අශ්ව හිස හා මිනිස් රුවේ කැටයමයි..
මේ කැටයම කුමක්දැයි තවම නිගමනයකට පැමිණ නැහැ.මෙහි දැක්වෙන්නේ සෙබලෙකු හා ඔහුගේ අශ්වයා බව හෙන්රි පාකර් නම් නිලධාරියෙකු පවසා තිබෙනවා.
ආනන්ද කුමාරස්වාමි මහතා කියන්නේ මේ කපිල ඉසිවරයා හා ඔහුගේ අශ්වයා බවයි..
මේ හින්දු සාධුවරයෙක් බව ලෝංහර්ස්ට් නම් පුරා විද්‍යාඥයා කියන අතර මේ මහා ඇලෙක්සැන්ඩර් රජු බව ඩී.ටී. දේවේන්ද්‍ර මහතා කියනවා.
එල්.ටී.පී. මංජු ශ්‍රී මහතා කියන්නේ මේ අනංගයා කියලයි. මේ ආකාර නිර්වචන කිහිපයක් තියෙනවා.
ඔබත් මෙහි ගිහින් මේ ඉතිහාස අපූරුව විදගන්න.
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏Sandu
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment