අපි කතා කරමු රාවණ රෙජීමය ගැන. රෙජීමය නරක දෙයක් නෙවෙයි. හැබැයි හැම විටකදීම හොඳත් නැහැ. ලංකා රාජ්‍යයේ සංකේතයක් විදියට ඉන්දියාවට ගිය කාන්තාවෝ තුන් දෙනෙක් ඉතිහාසයේ සඳහන්. පුෂ්පොත්කටා හෙවත් කෛකසි, රකා සහ මාලනී කියල තමයි ඒ කාන්තාවෝ හඳුන්වන්නේ. යක්ඛ පාලකයෙක් වෙච්ච සුමාලි රජුගේ දියණිය තමයි පුෂ්පොත්කටා. ඇය රාවණ මහරජුගේ මෑණියෝ.
රාවණ රජු රාජමණ්ඩලයක් ඉදිරියට ආවේ ඇයගේ දේශපාලනික හයිහත්තිය හින්දා. රකා දේවියගේ දියණිය තමයි ශුර්පණඛා. පුතාල දෙන්න බර – දූෂණ විදියට හඳුන්වලා දෙන්න පුළුවන්. රාවණ රජුගේ ඉන්දීය යටත් විජිතයක් වුණ ජනත්ථාන් පුරවරයේ පාලකයන් විදියට ඔවුන් රාවණ රෙජීමය මෙහෙය වූවා. ඔවුන්ගේ මව වුණ රකා දේවියගේ පුරුෂයා විශ්‍රවස් කියල වෛදික මුනිවරයෙක්.
අනෙක් කාන්තාව තමයි මාලනී දේවිය. රාම රාවණ කතා පුවතේ පුවත් මවන්නා වූ විභීෂණගේ මව තමයි මාලනී දේවිය. මාලනී දේවිය යක්‍ෂ, රාක්‍ෂය කියන ගෝත්‍ර දෙකටම අයත් කෙනෙක් නෙවෙයි. එයා අයිති නාග ගෝත්‍රයට. එහෙම ගත්තම රාවණ මහ රජුගේ කුඩම්මා තමයි විභීෂණගේ අම්මා. ඒ කියන්නේ මාලනී දේවිය. මේ කියන විභීෂණ තමයි රාමට රාවණගේ ආයුධ ගබඩාවේ තිබුණ, භාවිත නොකරන තරම්, විනාශයක් ගෙන දෙන අවියක් සොරකම් කරල දීල රාවණ යුගය අවසන් කරල ලංකාපුරයේ රජ වුණේ.
හැබැයි රාම කුමාරයා දේශපාලනිකව දන්නවා නාග ගෝත්‍රයේ නියෝජිතයෙක් රාවණා රෙජීමයට අයිති නැති බව. රාමේශ්වරම්වලදී රාම කුමාරයා විභීෂණව අභික්‍ෂේක කරන්නේ හනුමා ගෙනාපු ලුණු වතුරෙන්. එතැන තියෙන්නේ විභීෂණ තමන්ගේ ස්වජාතිකයන්ට කරපු විනාශය තමන් දන්නවාදැයි කියන එක. එතකොට තමන් පිළිනොගන්නා ජනතාවක් පාලනය කරන්න විභීෂණට
බැරි හින්ද ලංකාපුරය අභාවයට ගියා. විභීෂණ කැලණිපුරයට පසු බැස්ස. විහාරමහාදේවිය කියන්නේ ඒ විදියට විභීෂණ පවුලේ කාන්තාවක්.
රාම – රාවණ ගැටුම සංස්කෘතික – දේශපාලනික කාරණා ගොන්නක එකතුවක්. රාවණ රජු රචනා කරපු ‘ශිව තාණ්ඩව ස්තෝත්‍ර’ වගේ පොත් එක්ක ලංකා රාක්‍ෂ ගෝත්‍රිකයෝ ශිව දෙවියෝ ඇදහුවා කියන එක පිළිගන්න ඕනෑ කරුණක්. එතකොට ගවයා උත්තමයි. හැබැයි යාග හෝම මෙන්ම රාක්‍ෂ පරම්පරාව පිළිගත්තේ නැහැ. ඒ අය හිටියේ විද්‍යාව එක්ක. වශිෂ්ට මුනිවරයා යාග හෝම කරන කෙනෙක්. එයා තමයි රාම ලක්‍ෂ්මන්ට ශිල්ප ඉගැන්නුවේ. වශිෂ්ට මුනිවරයාගේ අධ්‍යාපන ආයතනය වුණේ දණ්ඩකාරණ්‍යය.
දැන් මේ මුනිවරයාගේ ඉල්ලීම තමයි තමන්ගේ යාග හෝම කඩාකප්පල් කරන ලංකා රකුසන් විනාශ කරන එක. ඔහු ඒ ඉල්ලීම කළේ තමන්ගේ ගෝලයෝ දෙන්න වුණ රාම – ලක්‍ෂ්මන්ගෙන්. රාවණ එයාගේ රෙජීමයේ හයියෙන් මුළු ඉන්දියාවෙම බලය තහවුරු කරගෙන ඉන්න කාලයක් මේක. රාවණ උත්තමයා ඉන්දියාවේ දේව ගෝත්‍රයේ සෙන්පති වුණ ඉන්ද්‍රව පවා අල්ලල හිර කරනවා. මේ රාක්‍ෂ බලයට විරුද්ධව ඉන්දු සහ ගංගා නදී අසල තිබුණු රාජ්‍යවල නායකයෝ එක් වෙනවා. ඒ අය රාවණට විරුද්ධව සාකච්ඡා කරනවා.
ඇත්තම කතාව රාම – ලක්‍ෂ්මන් කියන්නේ සීතාව තියාගෙන එකගෙයි කාපු සහෝදරයෝ. අභ්‍යන්තර දේශපාලනික බල ගැටුමක ප්‍රතිඵලයක් විදියට රාමට සිදු වෙනවා වෙස්වළාගෙන තමන්ගේ රාජ්‍යයෙන් පිටතට යන්ඩ. අර කිව්ව පෙර කාරණා හින්ද ලක්‍ෂ්මන් සීතා සහ රාම එක්ක එනවා. ඒ අයට ආරක්‍ෂාව පිළිබඳ විශ්වාසයක් තිබ්බේ ජනත්ථානයේ. ඒක රාවණ රෙජීමයේ පාලනය තිබූ ස්ථානයක්. එහි පාලකයා රකා දේවියගේ දරුවෝ. ඒ කියන්නේ රාවණගේ ඥාති සහෝදරයෝ. ශූර්පණඛා තමයි පාලිකාවක් විදියට නැත්නම් නීතිය ක්‍රියා කරවන්නිය ලෙස ජනත්ථානයේ සිටියේ.
තමන්ගේ දේශ සීමාව උල්ලංඝනය කරපු රාම සීතා, ලක්‍ෂ්මන් ගැන හොයන්නේ මේ කියන ශූර්පණඛා. කොහොමත් ලක්‍ෂ්මන් සහාසික පුද්ගලයෙක්. එයා කරන්නේ ශූර්පණඛාගේ නහයයි දෙතොලයි කපාගෙන යන්න කඩු පහර දෙන එක. මෙන්න මේක තමයි රාම – රාවණ යුද්ධයට මුල. තමන්ගේ සහෝදරියගේ පරම ධනය වූ රූපස්වභාව විනාශ කරල ඇයව අංගවිකල කරපු එක විතරක් නෙවෙයි රාජ්‍ය නිලධාරිනියන්ගේ රාජකාරියට බාධා කිරීම කියන දේශපාලන කාරණය. මේ ඔක්කොම තමයි රාවණ මහරජු යුද්ධයකට ඇද දැම්මේ.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment