අද අපි කතා කරන්න යන්නේ නම කියු පමණින් ප්‍රේමණීය සිතුවිල්ලක් මතක් වෙන කන්දක් ගැන.ඒ නමින් හන්තාන කදුවැටියයී
හන්තානට පායන සඳ කොයිතරම් සුන්දරද කියලා එහි නැග්ග අය නම් දන්නවා.මේ හන්තාන කන්ද උසින් අඩි 3800ක් පමණ වෙනවා.
හන්තාන ගැන තියෙන ඉතිහාස කතාවෙන් අපි කතාව පටන්ගමූ.
හැමෝම අහල තියෙන හන්තානේ ගැන නොදන්න දෙයක් තමා අපි අද කියන්නේ,
ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ වැඩිහිටි මහ නාහිමිනමක් වූ වැලිවිට සරණංකර හිමියෝ අවුරුදු 16දී පැවිදි වුවත් අවුරුදු 50 වනතුරු උපසම්පදා ලැබීමට නොහැකි වෙලා තියෙනවා.ඒ පරසතුරු උවදුරු නිසා.
උන්වහන්සේ තම දිවි රැක ගත්තේ බොහෝ තැන්වල සැඟවී සිටිමින්.පසු කලෙක උපසම්පදා කර්මය සඳහා බුරුම රටෙන් (වත්මන් මියන්මාර්) භික්ෂූන්වහන්සේ සයනමක් වැඩම කළ අතර එම පිරිසේ නායක හිමියන් හැඳින්වූයේ “සන්තාන“, “සන්තානා“, “සංතුර්“ යන විවිධ නම්වලින් බව කියැවෙනවා..
මල්වතු විහාරවාසී භික්ෂූන්වහන්සේට උපසම්පදාව ප්රදානය කළ බුරුම භික්ෂු පිරිසේ නායක “සන්තානා“ හිමි, කඳුකර පරිසරයේ භාවනායෝගිව සිටීමට කදිම ස්ථානයක් ලෙස රජුගේ අවසරය ලබා මහනුවර ආසන්නයේ ඇති කඳු මුදුනකට වැඩම කොට තිබෙනවා..
ඒ දැනගත් පහළ ගම්මානවල ගම්වැසියෝ සන්තානා හිමි වැදපුදා ගැනීමට කඳු මුදුනට තරණය කොට තිබෙන බව ජනප්රවාදයේ සදහන් වෙනවා..
සන්තාන හිමි වන්දනාවට ගිය බැතිමතුන්ගේ ව්‍යවහාරයට අනුව මේ කඳුමුදුන “සන්තානා කන්ද“ නමින් හැඳින්වී පසුව “හන්තාන කන්ද“ බවට පත්වුණා කියලයි කියන්නේ.
ඔන්න ඔහොම තමා හන්තාන කන්දට නම ලැබුනේ.වර්තමානයේ ප්‍රේමය හා ආදර බැදීම් සමග හන්තාන කන්දට අපූර්ව සුන්දරත්වයක් මැවුනද, “හන්තානේ“ සැබෑ නාමය බුරුමයේ සන්තානා හිමිගේ නමින් බිඳී ආවක් බව බොහෝ දෙනෙක් දන්නේ නෑ...
හන්තාන තරණයට පහසුවෙන් යොමුවිය හැකි ප්‍රධාන මාර්ග 04ක් තියෙනවා.පේරාදෙණිය සරසවි මාර්ගය, මහකන්ද සරසවිගම මාර්ගය, ගලහා – දෙල්තොට මාර්ගය, උඩවලව හන්තාන් වත්ත හරහා වැටී ඇති මාර්ගය වලින් හන්තානට යන්න පුලුවන්.
සරසවි සිසුන් අතර ආදර කන්ද නමින් ප්‍රකට හන්තාන හරිම සුන්දරයි.හන්තානට පායන සද ලස්සනද බලන්න ඔයාලත් යන්න.. ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර එන්න.
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment