අද අපි කතා කරන්න යන්නේ අපේ රට තියෙන ඓතිහාසික ස්ථානයක් ගැන.දැන් නම් මෙහි නටඹුන් තමා දැකගන්න ලැබෙන්නේ.ඒ නමින් ආනන්දකුලම තිස්ස වන සෙනසුණයි.
ආන්දම්කුලම වැව් ඉස්මත්තේ වැව් බැම්ම කෙලවර පිහිටි ගල් කදුවැටියේ තමා මෙම නටඹුන් සහිත පුදබිම පිහිටලා තියෙන්නේ.ආන්දම්කුලම වැවෙහි දකුණු පස වැව් බැම්ම මතින් ගමන් කිරිමෙන් පසුව ලෙන් ආරණ්‍ය සේනාසනයට ඇතුල් වෙන්න පුලුවන්.
ලෙන් සංකිර්ණය පිහිටි කදු වැටියට ප්‍රවේශ විම සදහා ගල් පඩි රැසක් දක්නට ලැබෙනවා.ඒවා මෙම පුදබිමේ ගරාවැටි ඇති පැරණි ආවාසය හා සක්මන් මලුව දක්වා ගමන් කිරිමට සකසා තිබෙනවා.
අනුරාධපුර මුල් යුගයට අයත් පුදබිමක් වන මෙම කදු වැටිය තුල ලෙන් හතරක් දක්නට ලැබෙනවා.මේ කදු වැටිය පුරාවටම අසාමාන්‍ය ලෙස පිහිටා ඇති මහා පර්වත රැසක් දැක ගන්න පුලුවන්.
ඇතැම් ඒවා කාලයත් සමග පුපුරා ගොස් පහලට පෙරලි තියෙනවා.මෙහි ප්‍රධාන ලෙන කදු වැටියේ උතුරු දෙසට වන්නට තමා පිහිටලා තියෙන්නේ.
එහි පස්වග මහණුන් හට දහම් දෙසන බුදුරුවක් සිමෙන්තියෙන් අඹා තිබෙනවා.ඒය මෑතකාලිනව කරපු නිර්මාණයක්.
ලෙන තුල සුදු පිරියම් කර ඇත. අඩි 12 ක් පමණ උසැති අඩි 20 කට වඩා පළලැති මෙම ලෙන සෙසු ලෙන් වලට වඩා ප්‍රමාණයෙන් විශාලයි..
එහි ඉහල කටාරම් කොටා ඇත. ඊට පහල තවත් කුඩා ගුහාවක් දක්නට ලැබෙනවා.බටහිර කෙලවර සෙසු ලෙන් තුන දක්නට තියෙනවා.. එක ලග පිහිටා ඇති මෙම ලෙන් ත්‍රිත්වය පසුකාලිනව සිදුවු යම් යම් ඉදිකිරිම් වලට භාජනය වි තිබෙනවා.
ගඩොලු යොදා ගනිමින් කුටි ලෙස සකසා ඇත.භික්ෂුන් වහන්සේලා වාසය කල බවක් දැන් දක්නට නැත වන සතුන්ගේ රජ දහනක් බවට ඒවා පත්ව තිබෙනවා.
ඉන් පළමු ලෙන අඩි 12 ක් පමණ උසැති අඩි 15 ක් පමණ පළලැති වේ කටාරම් කොටා ඇත. කටාරම් කොටා ඇති තැන පුර්ව බ්‍රාහ්මිය අක්ෂරයන්ගෙන් යුත් ලෙන් ලිපියක් දක්නට ලැබෙනවා.
දෙවන ලෙන ඊට මදක් දුරින් පිහිටි පර්වතයේ පිහිටා ඇති අතර අඩි 12 ක් පමණ උසින් යුත් අඩි 16 ක් පමණ පළලින් කටාරම් කොටා තිබෙනවා.පුර්ව බ්‍රාහ්මිය අක්ෂරයන් ගෙන් යුත් ලෙන් ලිපියක් මෙහිද දක්නට ලැබේ.
මැද ලෙනට වම්පසින් පර්වතය ඉහලට වන්නට තුන්වන ලෙන පිහිටා ඇත.එම ලෙනට ප්‍රවේශ විම අපහසුයි.ලෙන් මුව අඩි 10 ක් පමණ පළලින් ලෙන වැව දෙසට මුහුණලා පිහිටා තිබේ.
ලෙන් සංකිර්ණයට පහල විහාරස්ථානයේ බෝධියට දකුණු දෙසින් හුණු ගලින් කරන ලද හිටි පිළිමයක කොටසක් දක්නට ලැබේ.සිරිපතුල් සහිත පාදම දක්නට නැත සිවුරේ රැළි මනාව දක්නට තිබෙනවා.
අගල් 24 ක් පමණ පළලැති අගල් 30 ක් පමණ උසැති මෙම පිළිම කොටසේ ඉග කොටස දක්වා පමණක් ඇත.මෙම පුදබිම ගැන පුජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් මෙසේ සදහන් කර තිබෙනවා.
“කදු ගැටය ආශ්‍රිතව පැරණි නටඹුන් මෙහි පිහිටා තිබේ. කන්දේ තැන තැන විසිරුණු පැරණි ගඩොළු රැසකි. පර්වත දෙකක් මත තරමක ගොඩැලි දෙකක් වේ. මේවා පැරණි ස්ථුප වල ශේෂ විය යුතුය. නිධන් සොරුන් විසින් හාරා විනාශ කර ඇති නිසා මුල් ස්වරූපය සහමුලින්ම හදුනා ගත නොහැකිය.
කාලයක් පුරා මෙම නටඹුන් අව් වැසි වලට මෙන්ම සතුරු උපද්‍රව වලට ගොදුරු වි පැවැත්තේය. දැනට මෙහි රැකි ඇති එකම දෙය නම් ගල් ලෙන් සමුහයයි.
ඒවා පැරණිම යුගයේ කටාරම් කොටා බිත්ති මහා සංඝයාට පුජා කර ඇත්තේය. ලෙන් ලිපි ගණනාවක් තිබි ඇති නමුත් සමහරක් විනාශ ඇති බව පෙනේ දැනට යම්තමින් හදුනාගත හැකි ලිපි හතරක් මෙහි ඇත. ඒවා මේතාක් වගකිව යුතු අන්දමින් පිටපත් කර නැත..”
මෙම සටහන් අනුව සාමාන්‍ය වැසියන් ලෙන් පුදා ඇති බව පෙනේ ඉන් එක් අයෙකු භාරත ගෝත්‍රයට අයත්.එල්ලාවල මේධානන්ද හිමියන්ගේ වාර්ථාවල ස්ථුපයන් වැනි ගොඩැලි දෙකක් තිබු බව සදහන් කලද කදු වැටිය තුල එවන් ස්ථුප ගොඩැල්ලක නටඹුන් කිසිවක් හමු නොවේ.
ඒවා කාලයත් සමග අව් වැසි හා වෙනත් උපද්‍රවයන්ට ලක්ව විනාශ වි යන්නට ඇති බව සිතිය හැකිය.අපිත් මේ තොරතුරු හොයාගත්තේ අන්තර්ජාලයෙන් මේ ගැන වැඩි තොරතුරු දන්නේ නම් අන් අයට දැනගන්න කියන්න
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment