මේ තමා තෝනිගල සෙල්ලිපිය.මේ තෝනිගල සෙල්ලිපිය හා බැදි ජනප්‍රවාදය මම මුලින්ම කියන්නම්කෝ.
විජය කුවේණිය දක්වා මේ තෝනිගල සෙල්ලිපියේ කතාව දිව යනවා.විජය සහ කුවේණි සිය දරුවන්ද සමඟ අවසාන කාල පරිච්ඡේදයේ ආණමඩුව ප්‍රදේශයේ වාසය කරලා තියෙනවා.
ඒ බව තෝනිගල සෙල්ලපිය හා පරමාකන්ද රජ මහා විහාරයේ වූ සෙල් ලිපියක සාක්ෂි දරයි. විජය හා කුවේණිගේ නෑදෑයින් අතර හටගත් සටනින් ජයගත් විජය රජු පසුව කුවේණිය හැර දමා යන අවස්ථාවෙදී, ඔහු පසුපස ලුහුබැඳ ගිය කුවේණියට නවතින ලෙස දන්වා විජය රජතුමා විසින් අණ ඉරක් ගලේ ඇද ගිය බව ජනප්‍රවාදයේ සඳහන් වෙනවා.
එතැන් සිට කුවේණිය ලතෝනි දුන් බවත්, එම ස්ථානය ලතෝනිගල වශයෙන් හැදින්වූ බවත්, පසුව තෝනිගල වූ බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙනවා.සෙල්ලිපිය පිහිටා ඇති ස්‌ථානය ස්‌වභාවික විශාල ගල් තලාවකි. බැලූ බැල්මට පාළු ස්‌වභාවයක් ගන්නා ස්ථානයක් කිව්වොත් නිවැරදි.
ක්‍රි.පූ පළමු සියවසට අයත් මෙම සෙල්ලිපිය එවකට හමුවූ සුවිශේෂිම ගිරිලිපිය බවසදහන්.ලක්දිව රජකළ ගාමිණි අභය රජ සමගේ තෝනිගල පර්වතය මත පූර්ව බ්‍රක්මී අක්ෂර මගින් මෙම දැවැන්ත සෙල්ලිපිය සකසා ඇත.
මෙම සෙල්ලිපිය කොටස් දෙකකින් සමන්විතයි.තෝනිගල ගිරිලිපි අංක 01 සෙල්ලිපිය තනි පේළියක් වන අතර නමුත් තනි කෙළින් නොමැත.
අඩි 100 ක් පමණ දිග මෙහි අකුරු 115 ක් තියෙනවා.අංක 02 සෙල්ලිපියේ අකුරු 137ක් පමණ ඇති බව සදහන්.
මෙම සෙල්ලිපිය මගින් එකල පැවති සමාජ, ආර්ථික, සංස්‌කෘතික තත්ත්වය, පරම්පරා නිල නාම, තනතුරු නාම, ඒ ඒ පිරිස් සතුව පැවති දේපළ ප්‍රදානය කිරීම් වැනි කාරණා රැසක් පිළිබදව තොරතුරු අනාවරණය කරගත හැකිව තිබෙනවා.
මෙම ගල්තලාවට පිටුපසින් තරමක් විශාල වැවක් දැකින්න පුලුවන්.ගල්තලාව හැරුණු විට අවට පරිසරය තරමක ගුප්ත ස්‌වභාවයක් ගන්නා අතර තරමක් විශාල ගස්‌වලින් සැදි වනාන්තරයකි.
හැබැයි අද මේ තෝනිගල සෙල්ලිපිය අනතුරේ කිව්වොත් නිවැරදී.සෙල්ලිපියේ ආරක්ෂාවට යෙදූ යකඩ වැඩ ගල්තලාව සමග සවිමත් කිරීමට සිමෙන්ති යෙදීමෙන් සෙල්ලිපියේ පැරණි අලංකාරයට මෙන්ම වටිනාකමට හානි සිදුව තිවෙනවා.
වසර දෙදහසකට වැඩිය අව්ව වැස්සට කිසිදූ ස්වභාවික සිදුවීමකට නතු නොවී තිබූ මෙම සෙල්ලිපියේ තවත් සුවිශේෂිත්වයක්.නමුත් මේ සදහා සිමෙන්ති යෙදීමෙන් මෙහි පාෂාණ වලට හානි සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මේ පාෂණය තෝනිගලට සුවිශේෂ පාෂාණයක් එය හෝම්ලන්ඩ් ග්‍රනයිඩ් කියලා හඳුන්වනවා.හරි ආකාරව සොයා බලන්නේ නැතුව කරන මෙවැනි දේ නිසා වටිනා ඉතිහාසය අනාගත පරපුරට නැතිවෙයිද දන්නේ නෑ.
මේ ගිරි ලිපි දෙක ගැන අතීතයේ අපිට තිබුණ අභිමානය දැන් හානි වෙලා.. මේ ගිරි ලිපි මුල් වතාවට දකින අයකුට එහි දැන් පවතින තත්ත්වය දැක්කාම ඒ පිළිබඳව මැවෙන් චිත්‍රය හරිම වෙනස්.
පින්තූර මුල්හිමිකරු සතුයි 🙏📸
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment