ඇටසැකිල්ල සහිත භාවනාකුටියක් (A Skeletal Meditation Room)

මාලිගාතැන්න ආරණ්‍ය සේනාසනය ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේපිහිටි ආරණ්‍ය සේනාසනයක් වේ. එය මිරිස්වත්ත - වතුරුගම අතර මාලිගාතැන්න ප්‍රදේශයේ පිහිටා ඇත.

මාලිගාතැන්න බුද්ධ වර්ෂ 903 දී පූජනීය බවට පත් වූයේ අමිත්තාහව නම් තෙරුන් වහන්සේ, මෙහි මුදුනේ වැඩ සිටි මෝවිටේදී සක්මන් කරද්දී රහත් වීමෙන් පසුවය. අරාග වී සරාගයනට පහර දුන් උන් වහන්සේ හත් වර්ෂයක් මෙහි වාසය කළ සේක. මුලූ රට අග රජු වූ ධාතුසේන රජුගේ විෂ්කම්භනයෙන් බියට පත් මුගලන් කුමරු මෙහි සැඟවී සිට දඹදිවට ගියේය. වළගම් අබා රජුටද මෙය රැකවරණ වූයේ වාරණ සටන කාලයේදීය. අති පැරණි කාලයේ සිට මේ ස්ථානය ගරු කන්ද නමින් ප්‍රසිද්ධ විය.


ඉන්පසු දඹදිව තෙරෙව් බමුණෙක් මෙහි පැමිණ විශ්ණු අවතාරය මවා ගැනිම සඳහා පටිභාරයක් සාදා ගෙන දිට්ඨ විශුද්ධිය ඇත් කර ගෙන මන්ත‍්‍ර ජප කරන්නට විය. එතැන පහල වූ ජප මාලය නිසා ඒ ලෙනට හැකර ලෙන යැයි කියන ලදී. එය දැනට පහල මාලයේ ගල් උළුවස්ස ඇති තැනය.

වළගම්බා රජු වාරණ සටන කාලයේදී මෙහි සැඟවී සිටි බව ලියවිල්ල දක්වන අතර මාලිගාතැන්න විහාරස්ථායට කිලෝ මීටර පහක් පමණ දුරින් වාරණ ප්‍රදේශය පිහිටා ඇති අතර වාරණ කන්දේ පිහිටා ඇති විහාරස්ථානය වළගම්බා රජු විසින් තනවන ලද රජ මහා විහාරයක් සැලකේ.

මෙහි ‘හැකර ලෙන’ යැයි දක්වන ස්ථානයේ ඇති ගල් උළුවස්ස අද ද දක්නට ලැබේ.දන්ත ධාතුව සඟවා තිබුණේ යැයි පවසන පොකුණක් මාලිගාතැන්න උඩ කන්දේ ඇති අතර ඒ අසලම උමගක් ඇති බව විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලාගෙන් දැන ගන්නට ලැබුණි.

ජගරත් රාළ සියයක් දෙනා යෝධයින් ලෙසට දිවුරුවා ගත් සභාව නම් ස්ථානයේ අද විහාරස්ථානයක් ඇති අතර එය හඳුන්වනු ලබන්නේ ‘සභාවේ පන්සල’ යන නමිනි.එලෙසම ඒ අවට තවමත් හඳුන්වනු ලබන්නේ ‘ඌරුවල් පේරුව’ යන නමිනි.

මේ අනුව බලන කල මාලිගාතැන්න විහාරස්ථානය, විහාරස්ථානයක් ලෙසින් ගොඩනැගෙන්නේ 1924 තරම් මෑත කාලයේ වූවද ඊට වඩා දිගු ඉතිහාසයක් ඇති බව පෙනීයයි.








උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment