අද අපේ කතාව ටිකක් වෙනස් ඒ තමා.බළන්ගොඩ රජවක රක්ෂිතයේ තංජන්ගැන්න ගල්ලැල්තොට ප්‍රදේශයේ හමුවී ඇති හුණුදිය පොකුණු.
මෙයට හුණුගල් පොකුණ කියා හඳුන්වන්නේ ස්වභාවිකවම හුණුගල් ඛාදනය වී පොකුණු මෙන් වටවුණු කුඩා තඩාග බොහෝමයක් නිර්මාණය වී ඇති හෙයිනි.
මෙම හුණුගල් පතුල කොන්ක්‍රීට් බදාමයක් දැමුවාක් මෙන් නැතහොත් පිහිනුම් තඩාගයක පතුල මෙන් විනිවිද භාවයෙන් යුක්ත වූ අතර ඒවා කිසිලෙසකත් කැලතී හෝ අපවිත්‍ර වී නොතිබුණි.
මෙහි ඇති හුණුගල්වල අපි විශේෂත්වයක් දුටුවෙමු. එනම් මෙම හුණුගල් ජලය ගලායන දිශාවට අනුවර්තනය වී තිබීමය.
එනම් පොකුණු තුළ ඇති තට්ටු සියල්ලෙම බැම්ම සෑදී ඇත්තේ මෙම හුණුගල් වලිනි. එම බැම්ම තනි හුණුගලින් තිබුණ ද එය ජලය වැටෙන දිශාවට කූරු මෙම නිර්මාණය වී තිබේ එලෙස වී ඇත්තේ වසර ගණනාවක් පුරාවට ජලය කඩා වැටීමේ රටාවට අනුවර්තනය වී හුණුගල් වැටීම මගිනි.
එම නිසාම පොකුණු සියල්ලෙම තට්ටු වෙන් වෙන බැව් පහළ ඉතා අලංකාර ලෙස හුණුගල් පහළට වැටෙන ලෙස පිහිටා තිබුනේ ගුහා අභ්‍යන්තරයේ පිහිටා ඇති හිරිලඹ පරිද්දෙනි.
මෙහි ආසන්න වශයෙන් දුසිමකට අධික කුඩා පොකුණු ප්‍රමාණයක් පවතින අතර අපි ඉතා ප්‍රවේශමෙන් තට්ටු එකක් දෙකක් හරහා ගොස් අපට අවශ්‍ය හුණුගල් නිර්මාණ කිහිපයක් ඡායාරූප ගත කළෙමු.
මන්ද වසර මිලියන ගණනක් පුරාවට වැඩුණු මෙම හුණුගල් පද්ධතිය කැඩීමක් සිදු නොවිය යුතු හෙයිනි.
තවද බොහෝ පිරිසක් නිරතුරුව මෙම හුණුගල් තට්ටු මතින් ගමන් කිරීමේදී හා බොහෝදුරට බර රඳවාගැනීමේ ප්‍රමාණය ඉක්මවා ගියවිට මෙම හුණුගල් තට්ටු කැඩී යා හැක.
එබැවින් නිතරම හුණුගල් මත ගමන් නොකර ඉවුරු දෙපසින් ගමන් කර එහි සුන්දරත්වය විඳීම අගනේය.
ශ්‍රී ලංකාව සොබා දහමේ අපූරු දායාද රැසකින් හෙබි සුන්දර දිවයිනක් වන නිසාම ලෝකයේ අවධානය වැඩි වශයෙන් යොමුව තිබෙනවා. වැඩි ප්‍රසිද්ධියක් නොමැති වුවද සොබාදහමේ බොහෝ අපූරු දායාද දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ දැකගත හැකියි.
ඉතා මනස්කාන්ත පරිසරයක පිහිටි බලංගොඩ තන්ජන්තැන්න ප්‍රදේශයේ පිහිටි කූරගල රක්ෂිතය මෙම අපූරු දායාදයන් රැසකින් හෙබි පරිසරයක් වනවා. ස්වභාවික හුණුගල් පොකුණ මෙම දායාදයන් අතර ප්‍රමුඛස්ථානයක් ගන්නවා.
විශාල කුඹුක් ගසක් යට හුණුගල් පොකුණු 51කින් මෙය සමන්විත වනවා. එමෙන්ම තවත් කුඩා හුණුගල් සිය ගණනක් මෙම ස්ථානයේ පිහිටා ඇති අතර එය කිලෝමීටරයක් පමණ දිගට පිහිටා ඇති අයුරු දැකගත හැකියි. අඩි 40ක් පමණ උස හුණුගල් ඇල්ල මෙම පරිසරය තවත් හැඩ කරනවා. වර්ෂා කාලයේදී විශාල දිය දහරාවක් ඇද හැලෙන හුණුගල් ඇල්ල ඉතා මනස්කාන්ත වුවත් හුණුගල් ගුහාව සෑදී ඇත්තේ ද ඇල්ල අභ්‍යන්තරයේ දිගු කාලීනව හුණුගල් එක්වී මෙම ගුහාව සෑදී ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.
මෙම හුණුගල් තුළ වැටුනු විවිධ කුඩා ජලජ ශාක සේම දිය පහර මැද හුණුගල් මධ්‍යයේ වැඩුණු සුවිසල් ගස් දක්නට ලැබේ. විටෙක මෙහි යම් ස්ථාන නිරීක්ෂණය කළවිට මුහුදු පත්ලේ පිහිටි කොරල්පරවල ආකාරයෙන්ම ජලය යට දැකගත හැකිය. අධි කැල්සියම් සහිත මෙවැනි ස්ථානයකින් ජල ස්නානය උචිත නොවන අතර එමඟින් හුණුගල් විනාශවීම සිදුවිය හැක. කාලාන්තරයක් මුළුල්ලේ පරිසරයට උචිත ලෙස ආවරණය වූ බැවින් මෙම ඉසව්වේ සමතුලිතතාව බිඳීමකට ලක්විය හැක.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment