අවශ්‍ය ද්‍රව්‍ය:
- සිහින්ව පෙති කපා ගත් අල ගෙඩි 2ක්.
- බිත්තර 4ක්
- රස අනුව ලුනු සහ ගම්මිරිස් .
- අට ඉවත් කරලා පොඩියට කපාගත් තක්කාලි ගෙඩියක්
- සිහින්ව කපාගත් ළුණු කොළ ටිකක්
- සිහින්ව පෙති කපාගත් ළුණු ගෙඩියක්
- තෙල් මේස හැඳි 4ක්
සාදන ආකාරය:
- තෙල් ටික රත් වෙන්න හැර අල පෙති ඒ මතින් තබා ලුණු සහ ගම්මිරිස් ඉස අල රන්වන් පැහැ වනතුරු දෙපැත්තම බැදගන්න.
- අල බැදුණු පසු එයට ළුණු එක්කර ළුණු ටිකත් රන්වන් පැහැ වනතුරු අඩු ගින්දරේ බැදගන්න.
- බිත්තර වලට රස අනුව ලුනු සහ ගම්මිරිස් එක්කර බීට් කරගෙන එය පෑන් එක මත ඇති අල සහ ළුණු මිශ්‍රණයට එක් කරගන්න.
- එයට උඩින් තක්කාලි සහ ළුණු කොළ ටික දමා ගන්න.
- ඔම්ලට් එකේ යට කොටස පිසුණු පසු ප්‍රවේසමෙන් අනිත් පැත්ත හරවා දෙපැත්තම පුළුස්සා ගන්න.
0 comments:
Post a Comment