අද අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ හරි අපූරු දිය ඇල්ලක්.ඒ නමින් ලංකා ඇල්ල.කසගස් අතර සැගවුණු සුන්දර වගේම මනස්කාන්ත දිය ඇල්ලක් තමා මේ ලංකා ඇල්ල.
ඇයි මේකට ලංකා ඇල්ල කියන්නේ මේ ඇල්ල ලංකාව වගේද? නෑ නෑ මේ ඇල්ලේ ජලය වැටෙන තටාකය ලංකා සිතියමේ හැඩයට පිහිටීම නිසා තමා මේ ඇල්ලට මේ නම වැටුනේ
රටක ධජයක හැඩයට ස්වභාවිකව පිහිටි තටාකයක් අපේ රටේ තියෙන එකම තැන මේ ලංකා ඇල්ල කිව්වොත් වඩාත් නිවැරදි.ලංකා ඇල්ල මීටර 20ක් පමන උසකින් යුතු අතර ඝන වනාන්තරයකින් වටවී අදුරු පරිසරයක පිහිටා තිබීම විශේෂත්වයක්.
හැබැයි ලංකාවේ හැඩේට පිහිටලා තිබුනට මේ තටාකය ඉතා ගැඹුරුයි.ලංකා ඇල්ල සංචාරක ඔබට ස්නානය සදහා නම් කිසිසේත් සුදුසු නොවේ.
මේ තටාකයේ ගැඹුර අඩි 20ක් තරම් ගැඹුරුයි.අනිත් කාරණය තමයි දෙපැත්තෙ ගල් තලාව දිගේ උඩට නගින්න පුළුවන් වගේ පෙනුනට හිරිකඩ පාරට බැඳුණු දිය සෙවල නිසා සෑහෙන්න ලිස්සනවා.
ලංකා ඇල්ල නරඹන්න එනවා නම් ලස්සන බලන්න විතරක්ම එන්න නාන්න නම් හිතන්නවත් එපා.
සුවිසල් ගල් තලාවක් ඔස්සේ රූටා එමින් නිර්මානය වෙන මේ සුන්දර ඇල්ල අදටත් සංචාරකයන්ගේ පහස ඉතාමත් අඩුවෙන් ලබන නිසාම තවමත් ලස්සනට තියෙනවා.
දිය ඇල්ල තියෙන්නේ හැමෝම දන්න බඹරකන්ද දිය ඇල්ල ලඟමයි.බඹරකන්ද දිය ඇල්ල ළඟට යනකොට හම්බෙන පයිනස් ගස් කැලෑව හරහා පොඩි අඩි පාරක් තියෙනවා. ඒක දිගේ ගියාම ඔයාලට ලංකා ඇල්ල බලන්න පුලුවන්.
ලංකා ඇල්ලට යන්න සුදුසුම කාලය වන්නේ මැයි ජූනි වැනි කාලය වන අතර එයට හේතුව ඇල්ලේ ජල මට්ටම උපරිම තලයක පිහිටීමයි.එහි සුන්දරත්වය හරි අපූරුවට බලන්න පුලුවන්.
එසේ වුවත් වර්ශා කාලයේදී ෆයිනස් කැලය දිගේ ඉහලට යාම අපහසුයි.මොකද ෆයිනස් ගස් වල කොල උඩ ඇවිදීම ලිස්සන සුළුයි නේ.
පොඩ්ඩක් එහෙ මෙහෙ වුණොත් ප්‍රපාතෙක තමා.ඉතින් මෙහෙ ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර පරිස්සමින් ගිහින් එන්න.
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
උපුටා ගැනීමකි....
0 comments:
Post a Comment