මහායාන සහ ථෙරවාද සම්ප්‍රදායන් දෙකේම ලක්ෂණ පල කරන පන්සලේ වර්තමානයේ භාරකාරීත්වය දරන්නේ පුජ්‍ය ගලබොඩ ඤාණිස්සර ස්වාමින් වහන්සේ විසින්.
වර්තමාන ශාසනික සහ ආගමික ක්‍රියාකාරකම් රාශියකට අත්පොත් තැබූ ගංගාරාමය කොළඹ දිස්ත්‍රික්කයේ විශාලතම පෙරහැර වන නවම් මහා පෙරහැර පවත්වන්නත් මුලිකත්වය ගෙන ක්‍රියා කරනවා.
9 වන සියවසේ ප්‍රසිද්ධ නාවුක වෙලෙන්දෙකු වූ දොන් බැස්ටියන් (ද සිල්වා ජයසූරිය ගුණවර්ධන) මුදලි විසින් මාතර ශ්‍රී ධර්මාරාම නාහිමියන්ට විහාරස්ථානයක් ඉදිකිරීම සඳහා මෙම ඉඩම මිලට ගෙන විශාල වියදමක් දරා භූමිය සකස් කොට දාගැබ, මකර තොරණ සහ ප්‍රව්ශ්ඨ දොරටුවේ සඳකඩ පහන ඉදිකරණ ලදී. විහාරයේ රෝපිත, අනුරාධපුර ශ්‍රී මහා බෝධියේ අංකුරයක් වූ බෝධීන් වහන්සේද රෝපනය කොට ඇත්තේද මෙම මුදලිතුමා විසිනි. මීට අමතරව තෙමහල් දම් සභයක් හා විහාරය වටා වැටක්ද ඔහු විසින් ඉදි කෙරිණි.
වර්ථමානයේ ගංගාරාම විහාරය වන්දනා කරණ ස්ථානයක් පමණක්ම නොව ධහම් අධ්‍යාපනය ලබා දෙන ස්ථානයක් හා බෞද්ධ සුබ සාධන මධ්‍යස්ථානයක් ලෙසද ක්‍රියා කරයි. විදෙස් රටවල් වෙතටද බෞද්ධ ධර්මය ගෙනයාමේ අරමුණින් ඇමරිකාවේ නිව්යෝක් සහ ටැන්සානියාව තුල බෞද්ධ මධ්‍යස්ථාන පිහිටුවීමටද මෙම විහාරය දායක වී තිබේ.
විහාරයේ වාස්තු ලක්ෂණ සැලකීමේදී ප්‍රධාන වශයෙන් ශ්‍රී ලාංකික ගෘහ නිර්මාණ ශිල්පය කැපී පෙනුනද ඉන්දියානු, තායිලන්ත හා චීන යන රටවල වාස්තු ලක්ෂණද මෙහි දැක ගත හැකිය.
සෞම්‍ය හා රමණීය භූමියක පිහිටි මෙම විහාරයේ සමහර ඉදිකිරීම් බේරෙ වැව මතුපිටට වන්නටද ඉදිකොට තිබේ. විහාරස්ථිනයේ මූලිකාංග ලෙස චෙත්‍යය (දාගැබ), බෝධිය, විහාර මන්දිරය, සීමා මාලකය සහ ධාතු මන්දිරය දැක ගත හැකියි. තවද කෞතුකාගාරයක්, පුස්ථකාලයක්, තෙමහල් පිරිවෙනක්, අධ්‍යාපන ශාලාවක් සහ දාන ශාලාවක්ද විහාර භූමියේ ඉදි කොට පවතී.
විහාරයේ කැපී පෙනෙන වාස්තු ඉදි කිරීමක් වූ සීමා මාලකයේ නිර්මාණ කටයුතු සිදු කර ඇත්තේ ජෙෆ්රි බාවා විසිනි.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment