ඔන්න දැන් කියන්න යන්නේ ගෙදරදීම ක්‍රීම් චීස් හදාගන්නේ කොමද කියලා. කරීම් චීස් අපිට ගොඩක් වෙලාවට ඕන වෙනවනේ.එහෙනම් අපි බලමු කොහොමද හදන්නේ කියලා.
ගෙදරදීම ක්‍රීම් චීස් හදා ගන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- සම්පුර්ණ යොදය සහිත නැවුම් කිරි 1ක්
- දෙහි යුෂ තේ හැඳි 3ක්
- ලුනු කුඩු තේ හැඳි 1ක්
සාදන ආකාරය:
- භාජනයක් ලිප තබා සාමාන්‍ය ගින්දරේ නැවුම් කිරි හොදින් නොනවත්වා හැඳි ගාමින් කිරි බුබුළු දමමින් නටා ගෙන එනතෙක් උණු කරගන්න.
- දැන් මදක් ලිප කර ගින්දර අඩුකර විනාඩියකට වරක් දෙහි යුෂ තේ හැන්ද බැගින් එකතු කරමින් නොනවත්වා හන්දිගාන්න.
- කිරි සම්පුර්ණයෙන්ම කැටි ගැසී, කැටි ටික උඩ පාවෙන තෙක් දිගටම නොනවත්වා හැඳි ගාගන්න.
- සුළු වෙලාවක් යනවිට කිරි සියල්ල කැටිගැසී කොළ පැහැ ද්‍රාවනයක පාවීමට පටන්ගනී. එවිට ලිප නිවාගන්න.
- පසුව ලොකු බෝල් එකක් උඩින් ස්ටේයින්ලස් ස්ටිල් පෙනේරයක් තබා එයට පිරිසිදු කපු රෙදි කැබැල්ලක් දමා ගෙන එයට සාදාගත් චීස් මිශ්‍රරණය වක්කර ගන්න.
- පසුව විනාඩි 15ක් පමණ වැඩි දියර බේරී සිසිල් වීමට එලෙසින්ම තබන්න.
- පසුව කපු රෙදිකඩින් චීස් ටික ගෙන මදක් මිරිකා බ්ලෙන්ඩර් එකකට දමාගෙන එයටම ලුනු කුඩුද එක්කර විනාඩි 4-5ක් හොදින් මිශ්‍ර කරගන්න.
0 comments:
Post a Comment