පළතුරු කෑලි හැපෙන රසම රස බටර් කේක් එකක් හදමු.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බටර් 125g
- ක්‍රීම් චීස් 125g
- සීනි 185g
- බිත්තර 3
- පාන්පිටි 200g
- බේකින් පවුඩර් තේ හැඳි 1
- කජු 75g
- වියලි මිදී 50g
- පලතුරු කැබලි 50g
- වියලි චෙරි 50g
සාදාගන්නා ආකාරය:
- මුලින්ම පාන්පිටි එක්ක බේකින් පවුඩර් කලවම් කරන් පෙනේරෙකින් හොදට දෙතුන් පාරක් හලාගන්න.
- පස්සේ භාජනයකට බටර්, ක්‍රීම් චීස් හා සීනි දා ගෙන හොදට බිට් කරන්න.
- දැන් එක සැරයකට 1 බිත්තරය ගානේ එකතු කරන් හොඳට බීට් කරන්න.
- ඊට පස්සේ පලතුරු ටික පොඩි කෑලි වලට කපලා එකටම කලින් හලා ගත්ත පාන් පිටි වලින් පොඩ්ඩක් දාලා පලතුරු වල පිටි දැවටෙන විදිහට හොඳට කලවම් කර ගන්න ඕනේ.
- ඊළගට කලින් බීට් කර ගත්ත මිශ්‍රණයට පිටි ටික එක්ක පලතුර්ය් ටික දාලා හඬකින් පෙරලමින් පිටි කැටි හිටින්නේ නැති වෙන්න කලවම් කරන්න.
- අන්තිමට බටර් ගා ගෙන පිටි ටිකක් ඉහ ගත්ත කේක් ටින් එකකට මිශ්‍රණය දා ගෙන කලින් සෙල්සියස් අංශක 175 උෂ්ණත්වයට රත් කර ගත අවන් එකක විනාඩි 45ක් පමණ බේක් කර ගන්න.
- ඉන්පසුව නිවෙන්න හැරලා රස බලන්න තමයි තියෙන්නේ.
0 comments:
Post a Comment