චිකන් කෝඩොන් බ්ලු (Chicken Codon Blue)
අවශ්‍ය ද්‍රව්‍ය:
- චිකන් බ්‍රෙස්ට්
- හැම්
- චීස්
- ලුනු
- ගම්මිරිස්
- බිත්තරයක්
- පාන් කුඩු
- තෙල්
සාදාගන්නා ආකාරය:
- මුලින්ම චිකන් බ්‍රෙස්ට් එක මැදින් වෙන් නොවෙන සේ දෙකට පළාගෙන උඩින් ඉටි කොලයක් දාලා රෝලින් පින් එකකින් තලා ගන්න. එවිට එය පැතිලි වී තිබූ ප්‍රමාණය මෙන් දෙගුණයක් පමණ වෙයි.
- ඉන්පසු උඩින් දැමූ ඉටිකොලය ඉවත් කොට ලුනු,ගම්මිරිස් තවරා ගන්න.
- ලුනු,ගමිරිස් තවරා ගත් චිකන් බ්‍රෙස්ට් එක උඩින් හැම් හා චීස් පෙත්තක් තබා දෙකට නවාගෙන වටේ රෝලින් පින් එකකින් පොඩ්ඩක් තට්ටු කරමින් සීල් කරගන්න.
- ඉන්පසු එය බිත්තර සාරු වල තවරාගෙන,පාන් කුඩු දවටගෙන ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැදගන්න.
Related Posts :
0 comments:
Post a Comment