වෙජිටබල්ස් උප්පුමා (Vegetables Uppuma)

අවශ්‍ය දේවල්:
  • රුලං කප් 3ක්
  • හීනියට කපා ගත් ළුණු ටිකක්
  • කරපිංචා ටිකක්
  • කැරට් හා ළුණු කොළ
  • වේලිච්ච මිරිස් කෑලි ටිකක්
  • අබ ඇට ටිකක්
  • රස අනුව ලුනු
  • මිරිස් කුඩු ටිකක්
  • වතුර කප්  3 1/2 පමණ (රුලං ගත් කප් එකම ගන්න.)
සකස් කරගන්නා ආකාරය:
  1. රුලං කප් 3ක් අරගෙන කබලේ බැදගන්න.
  2. භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වූ පසු අබ ඇට ටිකක් දාන්න.
  3. ඒකටම වේලිච්ච මිරිස් කෑලි ටික හා කපාගත් ළුණු,කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
  4. පස්සේ රස අනුව ලුනු හා මිරිස් කුඩු ටික දමා හොඳින් මිශ්‍ර කර වතුර ටික ටික දමා හොඳින් උණු වෙන්න තියන්න.
  5. වතුර ටික හොඳින් නටන කොට කබලේ බැදගත් රුලං ටික, ටික ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න.
  6. පසුව ගින්දර අඩු කර පොඩි පිට්ටු කට මෙන් හැන්දෙන් කඩාගන්න.
  7. ඒකට පෙර සාදාගත් මිශ්‍රණය දමා ගන්න.හැබැයි 3/4ක ප්‍රමාණයක් පමණක් මිශ්‍රණය පුරවන්න.එයට හේතුව රුලං පිපෙන්න ඉඩ ඕනේ නිසා.
  8. ඉන්පසුව වන්ඩුවේ හෝ ස්ටීමර් එකේ තම්බා ගන්න.

0 comments:

Post a Comment