- රුලං කප් 3ක්
- හීනියට කපා ගත් ළුණු ටිකක්
- කරපිංචා ටිකක්
- කැරට් හා ළුණු කොළ
- වේලිච්ච මිරිස් කෑලි ටිකක්
- අබ ඇට ටිකක්
- රස අනුව ලුනු
- මිරිස් කුඩු ටිකක්
- වතුර කප් 3 1/2 පමණ (රුලං ගත් කප් එකම ගන්න.)
- රුලං කප් 3ක් අරගෙන කබලේ බැදගන්න.
- භාජනයක් ලිපේ තියලා එකට තෙල් ටිකක් දමා රත් වූ පසු අබ ඇට ටිකක් දාන්න.
- ඒකටම වේලිච්ච මිරිස් කෑලි ටික හා කපාගත් ළුණු,කරපිංචා දමා තෙම්පරාදු කරගන්න.
- පස්සේ රස අනුව ලුනු හා මිරිස් කුඩු ටික දමා හොඳින් මිශ්‍ර කර වතුර ටික ටික දමා හොඳින් උණු වෙන්න තියන්න.
- වතුර ටික හොඳින් නටන කොට කබලේ බැදගත් රුලං ටික, ටික ටික දමා හොඳින් මිශ්‍ර කරගන්න.
- පසුව ගින්දර අඩු කර පොඩි පිට්ටු කට මෙන් හැන්දෙන් කඩාගන්න.
- ඒකට පෙර සාදාගත් මිශ්‍රණය දමා ගන්න.හැබැයි 3/4ක ප්‍රමාණයක් පමණක් මිශ්‍රණය පුරවන්න.එයට හේතුව රුලං පිපෙන්න ඉඩ ඕනේ නිසා.
- ඉන්පසුව වන්ඩුවේ හෝ ස්ටීමර් එකේ තම්බා ගන්න.
0 comments:
Post a Comment