පල්ලව ලක්ෂණ සහිත - ගෙඩිගේ ප්‍රතිමා ගෘහය 🙏🏯 (Vaulted Vihara [Gedige] Image House)

අද අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ඉතිහාස කතාවක්.ඒ තමා අනුරාධපුර ගෙඩිගේ ප්‍රතිමා ගෘහය.

ඉතිහාස කතාවක් කිව්වට වැඩි තොරතුරක් හොයාගන්න ලැබුනේ නෑ.
අනුරාධපුරයේ පුරාණ ඇතුළු නගරයේ දක්නට ඇති නටඹුන් ගොඩනැගිලි අතර සුවිශේෂී වාස්තු විද්‍යාත්මක ලක්ෂණ සහිත ගොඩනැගිල්ලක් ලෙස “ගෙඩිගේ” ගොඩනැගිල්ල හදුන්වන්න පුලුවන්.

ක්‍රි.ව.7- 9 සියවස් අතරතුරදී ඉදි වූ ගෙඩිගේ වාස්තුවිද්‍යා සම්ප්‍රධායට අයත් ප්‍රතිමා ගෘහයක් බවට හඳුනාගෙන තිබෙනවා.

අනුරාධපුර මහාපාලි දාන ශාලාව අසල මදක් උතුරු දෙසින් පිහිටි චතුරස්‍රාකාර ගොඩනැගිල්ලක් ලෙස මෙය අපිට දැක ගන්න පුලුවන්.

මෙය ගඩොලින් බැද බදාම යොදා ඇති අතර, මෙහි උළුවහු හා ජනෙල් ගල්වලින් නිමවා ඇත.

මෙහි අඩි 4 - 7 තරමට ඝන වූ ගඩොල් බිත්ති මත ආරුක්කු හැඩයේ වහලක් ගඩොලින් නිමකොට තිබූ බවට සාධක පවතිනවා.

වහලය මේ වන විට ගරා වැටී ඇතත් ඝන බිත්ති, උළුවහු ජනෙල් දැනුදු දක්නට ලැබෙනවා.

වාස්තු ලක්ෂණ පිරික්සීමේදී පල්ලව ගෘහනිර්මාණ ලක්ෂණ ප්‍රකට වන බව දක්නට ලැබේ.

ගොඩනැඟූවේ කවුද කියලා අවිනිශ්චිතයි.මෙය අනුරාධපුර යුගයේ ධාතුඝරයක් විදිහට තියෙන්න ඇති කියලා අනුමාන කර තිබෙනවා.

1969 අවුරුද්දෙ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගෙඩිගේ ආශ්‍රිතව සිද්ධ කරපු කැණීම් වලදී වසර 7000කට පෙර පැවති මානව ජනාවාසයක් ගැනත් තොරතුරු හම්බ වෙලා තියෙනවා.

ප්‍රතිමා ගෘහයේ බුද්ධ ප්‍රතිමාව පිළිබඳව සාධක අනාවරණය කරගෙන ද නැත.

ඔබත් දන්න තොරතුරු තියෙනවා නම් බෙදා ගමූ.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏









උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment