කොන්ක්‍රිට් කණු 32 ක් මත ඉදි කර ඇති ලෝකයේ එකම චෛත්‍ය

කොත්මලේ වේල්ල ඉදිකිරීමෙන් පසු කොත්මලේ ජලාශයේ ගිලී ඇති විහාරස්ථාන සිහිවීම පිනිස මෙම ස්තූපය ඉදිකර ඇත.

1980 වසරේ මුල් භාගයේදී මෙය ගොඩනැගීම ආරම්භ කරන ලද අතර 2016 වන තුරු එය නිම නොකරන ලදි. 2016 දී නිල වශයෙන් විවෘත විය.

මීටර් 88 ක උසකින් යුක්ත වේ. එබැවින් එය රුවන්වැලි ස්ථූපයේ ප්‍රමානයට ආසන්න වන විශාල ප්රමාණයේ විශාල ස්තූපයක් වේ. මෙම නිර්මාණය සැලසුම් කර ඇත්තේ සුප්‍රසිද්ධ ඉංජිනේරු, ආචාර්ය එස්. කුලසිංහ මහතා විසිනි. මූලික නිර්මාණය අතින් කළුතර ස්තූපයට සමානතාවයක් දක්වයි. එහි ඇතුලත කුඩා ස්තූපයක් ඇති අතර, එයට ලඟාවීමට වන්දනාකරුවන්ට චෛත්‍යයේ ගර්භය තුලට ඇතුලුවීමට ඉඩ සලසා ඇත.

තවද මෙම කොන්ක්‍රිට් කණු 32 පොලව මත පිහිටි ගලේ සිටම ස්ථාපිත කර ඇති බවත් මෙහි හැම කනුවකම වටප්‍රමාණය අඩි 12 ක් පමණ වන බවත් පිහිටි ගලේ සිට සැම කනුවකම උස ප්‍රමාණය අඩි 120 ක් හා 150 ක් අතර වන බවත් ඇතුලු කුහරය සහිත මෙම චෛත්‍යයේ සම්පුර්ණ උස ප්‍රමාණය අඩි 289 වන බවත් වට ප්‍රමාණය අඩි 660 ක් ද මෙම කන්ද උඩරට ඉදිකරන ලද මෙම චෛත්‍යයේ ශක්තිමත් පාදමත් සමග රුවන් වැලි මහා සැය අභිබවා යැමට දිවංගත ගාමිනී දිසානායක මැතිතුමාට පුලුවන් කම තිබුනත් එය නොකර ඡිවමාන බුදුපියානන් බදු වු රුවන් වැලි මහාසැයට දක්වන ගෞරවයක් වශයෙන් රුවන් වැලි මහාසැයට වඩා අඩි දෙකක් අඩුවෙන් මෙම මහසැය ඉදිකිරිමට සැලසුම් කල ඇත.

තවද මහවැලි මහසෑයේ සෑ ගර්භය අගල් 11 ක කොන්ක්‍රිට් බිත්තියකින් නිර්මානය වි ඇති බවත් ඇතුලත විශ්කම්භය අඩි 200 වන බවත් හිස් කුහරය  වර්ග අඩි 31400 ක ප්‍රමානයක් බවත් සැ ගර්භයෙන් පිටත පිගන් ගඩොල් ලක්ෂ 4 කින් පමන ආවරනය වි ඇති බවත් වි‍ශේෂයෙන්ම හතරැස් කොටුව දේවතා කොටුව කොත් කැරැල්ල යන කොටස් තුන මල නොබැදෙන සුදු යකඩ තහඩු වලින් නර්මානය කර ඇති බවත් ඉහලින් ඇති කොත් වහන්සේ පිත්තල වලින් නිම කර ඇති බවත් එහි උස අඩි 14 ක් ද වට ප්‍රමානය අඩි 18 ක් වන බවත් එහි බර කිලෝග්‍රැම් 3750 ක්.
 


උපුටා ගැනීමකි....

0 comments:

Post a Comment