ලංකාවේ උසම ගමට සවාරියක් යන්ද - ශාන්තිපුර 🏕🌾🍃🌿 (Shanthipura Village)

අද අපේ කතාව හරි අපූරු ගමක් ගැන ඒ ශාන්තිපුරයයි. ඒ තමයි අපේ රටේ මුදුන්ම ගම්මානය. 

ඒ කිව්වේ මුහුදු මට්ටමේ සිට ඉහළින් ම පිහිටි ගම්මානය. ඊට ඉහළින් පිහිටි තවත් ගම්මානයක් කොහේවත් නෑ. 

අහසෙ පාවෙන වලාකුළු අතින් අල්ලන්න පුළුවන් තරමෙ ඉහළින් ම පිහිටි ගම්මානය ලෙස හැදින්විය හැක.

නුවරඑළිය දිස්ත්‍රික්කයට අයත් නුවරඑළිය නගරයට පෙනෙන නොපෙනෙන කඳු මුදුනක කිලෝමීටර් 7ක් පමණ දුරින් පිහිටා තිබෙන ශාන්තිපුර ගම්මානය.

මුහුදු මට්ටමේ සිට අඩි 7339 කට ආසන්න උසකින් පිහිටා තිබෙන නිතර සුදෝ සුදු මීදුම පුරවාගත්ත ශීතල දේශගුණයට වැඩිපුර නෑකම් කියන්නා වූ අතිසුන්දර ගම්මානයක්. 

දැනට සියලු පහසුකම්වලින් සමන්විත මෙම ගම්මානය තුළ මේ වන විට පවුල් නවසීයකට ආසන්න පිරිසක් පදිංචිව සිටිනවා.

ඔයාලා දන්නවද.අධික බෑවුම් සහ දුෂ්කර වංගු සහිත කැලෑ පාර, අවුරුද්දේ වැඩි හරියක් චුරු චුරු වැස්ස කියලා මේ අමාරුවෙන් වෙන්කර ගත්තු ඉඩම් අරගෙන ටික දවසකින් අතහැරලා දාලා ගිය අයත් මේ ගමේ හිටියා.

එහෙත් මේ වනවිටත් පුරවරය ආසන්නයේ ඉදිවී තිබෙන නැරඹුම් මධ්‍යස්ථානය නිසා මේ ගම දෙස් විදෙස් සංචාරක ආකර්ශනය දිනා ගැනීමට සමත්වෙලා තියෙනවා.

මොනතරම් මනස්කාන්ත දර්ශනයක් ද එතනට ළඟා වුණාම හරිත තුරු ලතාවන්ගෙන් පිරිපුන් තෙත් සදාහරිත වනාන්තර මුදුනෙන් නුවරඑළිය දර්ශනය වන අපූරුව බලන්න වටිනවා

නැරැඹුම් වේදිකාවට නැගල තරමක් ගිණිකොනට බරව බැලුව ම ඔබට පෙනෙන්නෙ නුවරඑළියෙ අහස් පොකුණ, ග්‍රෙගරි වැව, අහසෙ මැව්ව සිත්තමක් වාගෙ ලස්සනයි. වැව ඉමට පෙනෙන්නෙ හග්ගල මල්වත්තයි.

මේ ගමේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන්නේ ටී. විලියම් ප්‍රනාන්දු මහතායි.

පසුගිය මාසේ අපිත් මෙහි ගියා.. හොද එළවළු ටිකකුත් අරන් ආවා. මීදූම අසුවෙලා තිබ්බ නිසා හිතේ හැටියට අවට බැලුවා.

ඔයාලත් මෙහි ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර එන්න හොදේ.

Shanthipura village🌿🏕🥦
On the slopes of the majestic Kikiliyamana, the fifth highest mountain in Sri Lanka, lies the village of Shanthipura. This is the highest village in the entire island, located at an altitude of 7339 feet on the Kikiliyamana Mountain road from Nuwara Eliya.

The village came to being in 1963; when T William Fernando, the mayor of Nuwara Eliya indulged in his obsession of starting villages.

Shanthipura is a little village gives a panoramic view of the serene blue hills, and the lake adjacent to the valley, gradually again ascending with the lush tea bushes.













උපුට ගැනීමකි...

0 comments:

Post a Comment