ස්වභාවික මුහුදු තටාකය - සීතගල්ල 🏖️️🌊 (Seethagalla Sea Pool)

අද අපි කතා කරන්න යන්නේ වැඩි දෙනෙක් නොදන්න ස්වභාවික මුහුදු තටාකයක් ගැන.ඒ නමින් සීතගල්ල ස්භාවික මුහුදු තටාකයයි.

දික්වැල්ල මුහුදුතීරය පසුබිම් කරන් තමා ඒක හදලා තියෙන්නේ.

දික්වැල්ල මුහුදුතීරයේ ටිකක් උඩට ඇවිදන් යද්දී තමා මේ මුහුදු තටාකය අපිට හම්බෙන්නේ.

මෙහි විශේෂත්වය තමා ඒ මුහුදම ගල්වැටියකින් හරස් කරලා මේ තටාකය නිර්මාණය කරලා තියෙන්නේ.

නල මාර්ගයක් ඔස්සේත් මේ තටාකයට මුහුදු ජලය ලැබෙන අතර රැල්ල උස්ව නැගෙන වෙලාවටත් මේ තටාකය පිරෙනවා.

මේකේ හැම වෙලේම තියෙන්නේ පිරිසිදු මුහුදු ජලය කිව්වොත් හරී.

මොකද එකම වතුර රැදී නොසිටින ලෙස ගලා බසිමින් යන්න ක්‍රම කිහිපයක්ම තියෙන බව මෙහි යන ඔයාලට දැක ගන්න පුලුවන්.

පියගැටපෙලක් දිගේ බැහැගෙන ගිහින් තමා මේ තටාකයට බහින්න පුලුවන්.

හැබැයි මතක තියාගන්න සමහර තැන් ටිකක් ගැඹුරුයි.. වතුර දැක්ක ගමන් පනින්න යන්න එපා.. ටිකක් බලලා වතුරට බහින්න.

උදෑසන වගේම ඉර බැහැගෙන යන සවස් කාලෙට මේ පරිසරය තවත් හරි අපූරුවට පෙනෙනවා.

ආරක්ෂිත ගල් වැටි දමා තිබුනත් අපේ පරිස්සම අපි හදාගමු එතකොට හරි.

අපි pool එකක නානවට වඩා මුහුදු තටාකයක නාන එක කොයිතරම් අගනේද? අනික ස්වභාවික pool එකක්.

ඉතින් ඔයාලත් දික්වැල්ලේ ගිය වෙලාවක මෙතනට යන්න අමතක කරන්න එපා.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏










උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment