පාච්මන්ට් අයිසින් (Parchment icing)


අයිසින් කලාවේ  මල් කුමරිය පාච්මන්ට් අයිසින්.

කේක් එකක් හදන ඕනෙම කෙනෙකුගේ ඊලග ආසාව ඒ කේක් එක අයිසින් කරන්න ඉගෙන ගන්නයි.කොහොමත් සාමාන්‍ය කේක් එකක රහ බලනවට වඩා අයිසින් කේක් එකක් රහ බලන්න තියෙන කැමැත්ත වැඩියි. උපන් දිනයක්, පුංචි පාටියක් තිබුනමත් අපි ගේන්නේ අයිසින් කේක් එකක්. ගෙදරදී වුනත් බටර් කේක් එකක් හැදුවම ඒක අයිසින් කරනකල් ඉවසිල්ලක් නැනේ.

අයිසින් කියන්නේ එක්තරා කළාවක්. හොඳ ඇහැක්, නිර්මාණශීලි හිතක් තියෙන කෙනෙක්ට මේ අයිසින් කළාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න පුළුවන්.    ගෙදර හදන බටර් කේක් එක අයිසින් කරලා පුංචියට පටන් ගන්න ස්වයං රැකියාව තරු පහේ හෝටලයක ගන්න විවාහ උත්සවයක මංගල කේක් ආකෘතියක් හැදීම දක්වා දියුණු ව්‍යාපාරයක හිමිකාරිනියක් වෙන්න පුළුවන්.ඒ නම් අපි බලමු පාච්මන්ට් අයිසින් හදන්නේ කොමද කියලා.

උත්සව වෙනුවෙන් හදන කේක් සරසන මල් වර්ග හදන්නේ මේ පාච්මන්ට් අයිසින් වලින්. පාච්මන්ට් අයිසින් නිවැරදිව හදන විදිහත්, එහිදී ඇතිවන යම් යම් ගැටළු ගැනත්  අද ඔබට දැනගන්න පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • ජෙලටින් මේස හැඳි 01
  • උණු වතුර මේස හැඳි 4 1/2
  • අයිසින් සීනි 500g 
සාදන ක්‍රමය:
  1. පළමුවෙන් ජෙලටින් වලට උණු වතුර දමා ඩබල් බොයිල් කර ගන්න. 
  2. එයට පසු ජෙලටින්වලට හලාගත් අයිසින් සීනි ටික ටික දමමින් ගුලියක් ආකාරයට එන සේ මිශ්‍රණය සාදා ගන්න. 
  3. එය අතේ ඇලෙන නොඇලෙන ප්‍රමාණයට නිවැරදි පදමට අනුව සැකසිය යුතුය. 
  4. අනතුරුව පොලිතින් එකකින් හොදින් ආවරණය කොට තබා මල් සෑදීම සදහා භාවිතයට ගන්න.
පාච්මන්ට් අයිසින් හදන විට මේ පිළිබද සැලකිලිමත් වන්න.
  • දියවී නොයන අන්දමට, පුපුරා ඉරිතලා නොයන ආකාරයට පාච්මන්ට් අයිසින් සාදා ගැනීමේදී භාවිතයට ගන්නා ද්‍රව්‍යයන් නිවැරදි ප්‍රමාණයෙන් ගත යුතුය.
  • පාච්මන්ට් අයිසින් මිශ්‍රණය වැලි සහිත ගතියක් නොවී මෘදු වීමට අයිසින් සීනි වර්ගය හොඳ ප්‍රමිතියෙන් යුක්ත විය යුතුය.
  • ජෙලටින් තෝරා ගැනීමේදී 'බ්ලුම් ටු හන්ඩ්‍රඩ් ' යනුවෙන් වූ වගය තෝරා ගත යුතුය.
  • පාච්මන්ට් අයිසින් ඉරිතැලීම නවතා ගැනීමට සැම විටම අයිසින් මිශ්‍රණය පොලිතින් ආවරණයකින් වසා තබමින් භාවිතයට ගන්න.
  • ජෙලටින් හොදින් දියවීම සදහා ගත යුත්තේ එකම බදුන් වර්ගයකි. එනම් වටලප්පන් සැදීමේදී ගන්නා කුඩා බදුන්ය. මේවා වෙළදපලේ විකිනීමට තිබේ. 

0 comments:

Post a Comment