රෝහණ රාජධානියේ ශේෂයන් මතුවූ - මුරුතවෙල ජලාශය 🌿🧊💦☘️ (Muruthawela 🌿🧊💦☘️)

අද අපි ඔයාලට කියන්න යන්නේ දකුණු පළාතේ තියෙන තවත් සුන්දර තැනක්.හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජූලම්පිටියේ මුරුතවෙල ජලාශයෙන් වතුර අර ගෙන යන ඇළ මාර්ගය තමයි.මේ විදියට නාන්න හදලා තියෙන්නේ.

මෙතන නාන අත්දැකීම නම් බොහෝ දෙනෙකුට හරි අපූරු අත්දැකීම්ක්.
හැබැයි අපි අද කියන්නේ මේ ඒ නාන තැන ගැනම නෙමේ එයට ජලය සැපයෙන මුරුතවෙල ජලාශය ගැන අපි වැඩිය නොදන්න කරුණු ටිකක් ගැන.

මේ මුරුතවෙල ජලාශය පුරාවිද්‍යා ක්ෂේත්‍ර ගවේෂණ රැසකට නෑකම් කියනවා.

2013 වසරේ සිදුකල ගවේශනයක දී - මුරුතවෙල ජලාශයේ ජල මට්ටම පහත බසින අවස්ථාවල, ජලාශයට යට වූ යබොර කොටස් සහ යකඩ උදුන් පිහිටි බව පෙන්නුම් කරන ස්ථානයක් හදුනාගෙන තිබෙනවා.

එමෙන්ම විසිරී ගිය වළං කටු පරිශ්‍ර ද අවධානයට ලක් වෙලත් තියෙනවා.

රෝහණ රාජධානියේ ජනාවාස ව්‍යාප්තව පැවති රම්මලය කන්ද පාමුල පිහිටි මෙම ජලාශවල මේ අතීත උරුමයන් යටවී ඇති බවයි සොයාගෙන තියෙන්නේ.

ඒ අනුව අතීත රෝහණයේ ජීවත් වූ සාමාන්‍ය ජනතාව නියෝජනය කළ සුවිශේෂි ලෝහ කාර්මිකයන්ගේ ජනාවාස මේ අවට පැවති බව පැහැදිළි වෙනවා.

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති නිසා මේ උරුමයන් අපිට නැතිවෙයිද දන්නේ නෑ.

මේ මුරුතවෙල ජලාශයේ කැණීම් මගින් සොයාගත් දේවල් වන්නේ

1. හමු වූ වළංකටු අවශේෂවලින් විශාල ප්‍රමාණයක් පළලින් වැඩි ශක්තිමත් බරණිවලට අයත් වළං කැබලි

2. මෙම වළං කටු අතුරින් RW සහ BRW වළං පැවති බව

3. කෙමියක් සහිත භාණ්ඩ පරිහරණය කළ බවට සාක්‍ෂි

4. කොරහ, අප්පල්ලය වැනි මැටි භාජනවලට අයත් යැයි සැක සිතිය හැකි භාණ්ඩ කොටස්

5. සමහර වළං කැබලිවල මැටියෙන් ම කළ රටාවන් දක්නට ලැබිලා තියෙනවා

මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සඳහා ශක්‍යතා අධ්‍යයන සිදු කළ යුතු අතර එහි දී පුරාවිද්‍යා බලපෑම් තක්සේරු වාර්තා සැලකිල්ලට ගැනීම වැදගත් බව අපිත් මතක් කරනවා.

ඉතින් මේ ජලාශ සැදීම රටට වටිනවා තමා එත් මේ නිසා අපේ පුරාවිද්‍යා උරුම රැසක් අපට අහිමි වෙනවා.

ඉතිරිවෙලා තිබෙන ශේෂයන් ද අධ්‍යයනයට ලක්කල යුතුයී.ඔන්න ඕකයි මෙහි කතාව.

කිරම ඔයේ අතු ගංගාවන් මුල්කර ගනිමින් තමා මේ මුරුතවෙල ජලාශය ආරම්භ වෙන්නේ.

මේ දවස්වල facebook තුල හුවමාරු වෙන මේ නාන තැනට යන්නේ මෙහෙමයි.

මාතර ඉඳලා යන අයට නම් හක්මන.වලස්මුල්ල- ජූලම්පිටිය - 45km.

ඇඹිලිපිටියේ ඉඳලා එන අය මිද්දෙණිය ට ඇවිත් ජූලම්පිටිය හරහා වලස්මුල්ල පාරේ ආවා නම් මෙතන හොයාගන්න පුළුවන්.(27 Km.)

ගිනිපෙට්ටි පාලම ලග ඉදලා ඒ පාර ද්ගේම ඉස්සරහට යද්දි නාන පොට් එකට 1km වගේ දුරක් තියෙන්නේ.

මෙතන ගිනිපෙට්ටි පාලමක් තමා තියෙන්නේ.මේ ලංකාවේ එකම ගිනිපෙට්ටි පාලම නම් නෙමේ තවත් ඒවා තියෙනවා.ගිනිපෙට්ටි පෝලිමක් ආකාරයට මේ පාලම හදලා තියෙන නිසා තමා මෙයට මේ නම ලැබුනේ.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏











උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment