මුල්කිරිගල - පුංචි සීගිරියට යමූ ⛰☸️🙏 (Mulkirigala Rock Temple)

අද අපි කතා කරන්න යන්නේ සීගිරිය ගැන නෙමේ හැබැයි පුංචි සීගිරිය ගැනයි.

තවත් පැහැදිලි කලොත් මුල්ගිරිගල, මුල්කිරිගල, මුහුදුගිරි, මුවතිටිගල, මුලාගිරිය යන අන්වර්ථ නම්වලින් හැඳින්වෙන ලෙන් විහාර සංකීර්ණය ගැනයි.
මේ විහාරයට පුංචි සීගිරිය කියලා නම වැටුනේ මේ විහාරය සීගිරිය වගේ පර්වතයක් මත ඉදිව ඇති නිසයි.ක්‍රි.පූ. 2-3 සියවස්වලදී මෙය නිර්මාණය වූ බව ඉතිහාසය සාක්ෂි සපයයි.

මේ විහාරයට මුල්කිරිගල යන නම වැටුනේ මෙහෙමයි.සද්ධාතිස්ස රජුන් දඩයමේ යනවිට හමු වූ වැද්දකු විසින් මේ ගල රජුට පෙන්වා මෙහි විහාරයක් තැනීමට සුදුසුයයි කී බවද, “මූ කිව් ගල” යන ශබ්දයෙන් බිඳී පසුව මුල්කිරිගල වූ බව එක් කතාවෙක සඳහන් වෙනවා.

මේ බව මුල්කිරිගල විහාරයේ ඇති එක් සිතුවමකද ඇද දක්වා තිබෙනවා.මුල්ගිරිගල විහාරය අඩි 350 ක්‌ පමණ උස ගල් පර්වතයක්‌ ආශ්‍රිතව තමා ගොඩනඟා ඇත්තේ.

මෙහි ඇති බුදුපිළිම හා ලෙන් විහාර දුටුගැමුණු, අග්බෝ, ධාතුසේන ආදී රජවරුන් විසින්ද, වළගම්බා රජුගේ අමාත්‍යයකු වූ මුලව විසින්ද කලින් කල කරවන්නට ඇතැයි සැලකේ.

පසු කාලයේ වල් වැදී පවතිනවිට යළි සොයාගෙන ප්‍රතිසංස්කරණය කර ඇත්තේ කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් බවත් සදහන් වෙනවා.මේ ලෙන් විහාර සංකීර්ණයට ලෙන් විහාර හතකින් සමන්විතයි.

මේ හැම ලෙනක්ම සුවිසල් සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකගෙන් සහ බොහෝ ගණනක් හිඳි/හිටි පිළිමවලින් යුක්තයි.

ඔයාලා දන්නවද???ලෙන් විහාරය පිහිටා ඇති ගල් පර්වතය විශාලයි.එහි බිමෙහි සිට මුදුන්තලය දක්‌වාම විහිද යන්නා වූ ආකාරයට විහාර සංකීර්ණය දක්‌නට ලැබෙනවා.

එය සකස්‌ වී ඇත්තේ පහත මළුව, මැද මළුව, උඩ මළුව ලෙසයි.මෙහි අපූර්වත්වය විදින්න නම් යන්නම ඔනේ.

මහනුවර යුගයේ චිත්‍ර සම්ප්‍රධායට අයත් සිතුවම් රැසක් මේ විහාරය සතුයි. මුල්ගිරිගල විහාරය දකුණේ රුහුණු පුරවරයේ වන්දනාවේ යෙදෙන බොහෝ දෙනකුගේ අවධානයට පාත්‍ර වන බෞද්ධ සිද්ධස්‌ථානයකි. 

මෙතනය යන්නේ මෙහෙමයි බෙලිඅත්ත – වීරකැටිය මාර්ග‍යේ මුල්කිරිගල හන්දි‍යෙන් මුල්කිරිගල – ම‍කේවල මාර්ග‍යේ සැතපුමක් පමණ ගිය විට මුල්කිරිගල විහාරයට ප්‍ර‍වේශ මාර්ගය හමුවේ.

පින්තූර මුල්හිමිකරු සතුයි.












උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment