මොසරැල්ලා ස්ටික්ස් (Mozzarella Sticks)


කට්ලට් වගේ කෑමක් තමයි මේවත්. හැබැයි හදන්නේ චීස් වලින්. ඒ හින්දම ඉතින් රසගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ.චීස් කන්න අකමැති අය නැනේ. ඒ කොහොම උනත් මොසරාලලා ස්ටික්ස් වල පෙනුම දැකපුවාම කන්නේ නැතුව ඉන්න පුලුවන්ද? නේද,
අවශ්‍ය ද්‍රව්‍ය:
  • කොටු හැඩයට, දිගට, මහතට කපාගත් මොසරැල්ලා චීස්
  • විස්ක් එකකින් යාන්තම් ගසාගත් බිත්තරයක් (කට්ලට් වලට වගේ)
  • පාන් කුඩු
  • පාන් පිටි කප් 2/3
  • කෝන්ෆ්ලා 1/3 (ඉරිගු පිටි)
  • ලුනු 
  • සුදුළුණු පවුඩර් (කැමතිනම්)
සාදාගන්නා ආකාරය:
  1. භාජනයක් අරගෙන පිටි වර්ග දෙක මිශ්‍ර කර පසෙකින් තබන්න.
  2. ඊට පස්සේ තව භාජනයක සුදුළුණු පවුඩර්, ලුනු , පාන් කුඩු වලට මිශ්‍ර කර පසෙකින් තබන්න.
  3. දැන් කපාගත්තා මොසරැල්ලා චීස් ටික අරගෙන පිටි මිශ්‍රණයේ දවටලා ඉන්පසු ගසාගත් බිත්තරයේ සාරුවල තැවර ගන්න ඕනේ.
  4. පාන් කුඩු මිශ්‍රණයේ දවටාගෙන ගැබුරු තෙලේ තත්පර 30ක් පමණ බැදගන්න.

0 comments:

Post a Comment