කට්ලට් වගේ කෑමක් තමයි මේවත්. හැබැයි හදන්නේ චීස් වලින්. ඒ හින්දම ඉතින් රසගැන නම් අමුතුවෙන් කියන්න ඕනේ නෑ.චීස් කන්න අකමැති අය නැනේ. ඒ කොහොම උනත් මොසරාලලා ස්ටික්ස් වල පෙනුම දැකපුවාම කන්නේ නැතුව ඉන්න පුලුවන්ද? නේද,
අවශ්‍ය ද්‍රව්‍ය:
- කොටු හැඩයට, දිගට, මහතට කපාගත් මොසරැල්ලා චීස්
- විස්ක් එකකින් යාන්තම් ගසාගත් බිත්තරයක් (කට්ලට් වලට වගේ)
- පාන් කුඩු
- පාන් පිටි කප් 2/3
- කෝන්ෆ්ලා 1/3 (ඉරිගු පිටි)
- ලුනු
- සුදුළුණු පවුඩර් (කැමතිනම්)
සාදාගන්නා ආකාරය:
- භාජනයක් අරගෙන පිටි වර්ග දෙක මිශ්‍ර කර පසෙකින් තබන්න.
- ඊට පස්සේ තව භාජනයක සුදුළුණු පවුඩර්, ලුනු , පාන් කුඩු වලට මිශ්‍ර කර පසෙකින් තබන්න.
- දැන් කපාගත්තා මොසරැල්ලා චීස් ටික අරගෙන පිටි මිශ්‍රණයේ දවටලා ඉන්පසු ගසාගත් බිත්තරයේ සාරුවල තැවර ගන්න ඕනේ.
- පාන් කුඩු මිශ්‍රණයේ දවටාගෙන ගැබුරු තෙලේ තත්පර 30ක් පමණ බැදගන්න.
0 comments:
Post a Comment