දැන් අපි කියලා දෙන්න යන්නේ ගෙදරදීම මයෝනිස් හදාගන්නේ කොහොමද කියල.
අවශ්‍ය ද්‍රව්‍ය:
- බිත්තර කහ මද 03ක්
- තෙල් 300ml
- අඹරගත් අබ තේ හැඳි 1/4 - 1/2 පමණ (රස අනුව අඩු වැඩි කරගන්න.)
- ලෙමන් යුෂ මේස හැඳි 01ක් පමණ (එයත් රස අනුව අඩු වැඩි කරගන්න.)
- අඹරගත් සුදුළුණු බික් 1-2ක්
- ලුනු
- ගම්මිරිස් කුඩු
සාදාගන්නා ආකාරය:
- මුලින්ම බිත්තර කහ මද ටික පිරිසිදු වියළි භාජනයකට දමා ගන්න.
- දැන් එකටම අඹරපු අබ ටිකයි සුදුළුනුයි දාගෙන කවලම් වෙනකන් යන්තමින් බීට් කරන්න.
- ඉට පස්සේ බොහොම හිමින් තෙල් වක්කරන ගමන් උකු වී ගෙන එනකන් හොඳට බීට් කරන්න.(දිගටම නොනවත්වා බීට් කල යුතුයි.)
- මිශ්‍රණය හොඳට උකු,මතුපිටින් දිලිසෙන,ඝනකම් ක්‍රීම් ගතියට එනකන් හොඳින් බීට් කරන්න.
- අන්තිමට රස අනුව ලෙමන්,ලුනු,ගම්මිරිස් එකතු කර කවලම් වෙනකන් යන්තමින් බීට් කර, ශීතකරණයේ දමන්න.
වැදගත් : මෙය ශීතකරණයේ සතියක් පමණ තබා ගත හැක.හැම විටම බීට් කරන විට එකම අතට බීට් කල යුතුයි.භාවිතයට ගත හැකි තෙල් (සුරියකාන්ත තෙල්,කැනොලා ඔයිල් , තල තෙල් නැතිනම් පොල්තෙල්,එළවළු තෙල් උනත් ගත හැකියි.)
0 comments:
Post a Comment