මැන්ගෝ (අඹ) අයිස්ක්‍රීම් (Mango Ice Cream)

අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • හොදින් ඉදුණු අඹ ගෙඩි 03ක් 
  • පැණි 60ml
  • දෙහි ගෙඩි 01
  • යෝගට් 01
  • හෙවී ක්‍රීම් 500ml 
සාදන ක්‍රමය:
  1. අඹ හොදින් සෝදා සුද්ද කර කොටු හැඩයේ කැබලි කපා විනාඩි 20ක් පමණ අධි ශීතකරණයේ තබන්න.
  2. දෙහි, යෝගට්, පැණි, හෙවී ක්‍රීම් බ්ලෙන්ඩ් කරගන්න.
  3. ඉන් පසුව අධි ශීතකරණයේ තැබූ අඹ කැබලි එකට එකතු කර නැවත බ්ලෙන්ඩ් කර ගන්න.
  4. එය නැවත අධි ශීතකරණයේ තබා පිළිගන්වන්න. 


0 comments:

Post a Comment