පොඩි රෝස් පාන් (Little Ros Bread)

මුලින් කියන්න ඕනා මේ සදහා හතරැස් කේක් ට්‍රේ එකක් අවශ්‍යයි.එ කේක් ට්‍රේ එකේ ප්‍රමාණය අනුව තමා තිරණය කරන්න ඕනා කොච්චර පාන් පිටි ප්‍රමාණයක් ගන්න ඕනා ද කියලා.මම එ නිසා පාන් පිටි 500g රෙසෙපි එකට හදන විදිය දාන්නම්.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි 500g
  • මාජරින් මේසහැදි 3
  • යිස්ට් තේහැදි 1 1/2
  • සිනි මේසහැදි 1
  • රස අනුව ලුණු
  • මද රස්නේ වතුර අවශ්‍ය පමණ
සාදන ආකාරය:
  1. මුලින් වතුර නැතිව අනිත් සියල්ල එකට දමා ගෙන හොදින් මිශ්‍ර කරන්න.පසු වතුර ටික ටික දමා හොඳ සොප්ට් පිටි මිශ්‍රනයක් හදා ගන්න.මේ පිටි මිශ්‍රනය වතුර ගතියටත්/ගොඩක් තදටත් හදා ගන්න එපා.
  2. පසු විනාඩි 5-10 හොදින් අනා ගන්න.අනන කොට අතට දැනෙවි පිටි මිශ්‍රනය සොප්ට් එකට එනවා.
  3. පසු විනාඩි 45 හෝ පැයක් තෙත රෙද්දකින් වසා තියන්න.
  4. පැයකට පසු පෙනෙවි පාන් පිටි මිශ්‍රනය හොදින් පිපි උඩට ඇව්ත් තියෙනවා.පසු එක නැවත පොඩි වේලාවක් අනා ගෙන එක සමාන පිටි බෝල හදා ගන්න.
  5. දැන් හදා ගත් පිටි බෝලයක් පිටි ඉස ගත් ලැල්ලක තියා රෝල් කර ටිකක් පැතලි කරන්න.එක ඔයාලා ගාව තියෙන කේක් ට්‍රේ එකේ දිග ප්‍රමාණයට හදා ගන්න.
  6. පසු එම පාන් එක ට්‍රේ එකේ කොනකින් තියා අතින් ටිකක් ෂේප් කරන්න.පසු පාන් එකේ සයිඩ් එකේ ඔලිව් ඔයිල් හෝ එලවලු තෙල් ටිකක් බ්‍රෂ් එකකින් ගා ගන්න.
  7. මේ විදියට කේක් ට්‍රේ එක පිරෙන්නකම් එ විදියට පොඩි පාන් හදා ගන්න.
  8. පසු මේ පාන් ටිකත් නැවත පැයක් තෙත රෙද්දකින් වසා පිපෙන්න තියන්න.
  9. පැයකට පස්සෙ පෙනෙවි ට්‍රේ එකෙන් උඩට පාන් ටික පිපිලා තියෙනවා.
  10. දැන් අවන් කරන්න 200C විනාඩි 25 - 30 
  11. පසු බේක් වු පාන් ටික නිවෙන්න තියන්න.
  12. පාන් ටික නිවුනාට පස්සෙ හිමින් හිමින් බටර් නයිප් එකක් අරගෙන පාන් ටික වෙන් කර ගන්න.
  13. දැන් වෙන් කර ගත් පාන් වලට කැමති ඔයිල් වර්ගයක් අරගෙන හොදින් බ්‍රෂ් කර ගන්න.
  14. පසු එ පාන් ටික පැතලි විදියට ට්‍රේ එකේ තියා විනාඩි 5-6  බේක් කරන්න.
  15. එතකොට පාන් ටික ක්‍රිස්පි ගතියට එනවා.අනිත් එක පාන් වලට ගී ඔයිල් කර බ්‍රෂ් කලා නම් රසයෙනුත් වැඩි.හොඳ සුවදකුත් එනවා.

පිලියෙල කර ගත් පිටි මිශ්‍රනය
හොදින් අනා ගත් පිටි ටික පැයකට පස්සෙ පිපිලා තියෙන විදිය



හදා ගත්ත එක සමාන පිටි බෝල ටික
පිටි බෝලයක් පිටි ඉස ගත්ත ලැල්ලක රෝල් කර පැතලි කර ගත් විදිය
හදා ගත් පාන් ට්‍රේ එක පිරෙන්නකම් දමා ගත් අයුරු
පැයකට පස්සෙ පාන් ට්‍රේ එකේන් උඩට පිපිලා තියෙන අයුරු


බේක් කර ගත් පාන් ටික

හිමින් වෙන් කර ගත් පාන් ටික
ඔයිල් ගා ගෙන නැවත අවන් කරන්න තියා ගත්ත පාන්
නිම කර ගත් පාන්

0 comments:

Post a Comment