කැමතිද පොඩ්ඩො ආස කරන ටිපි ටිප් ගෙදරිදීම හදාගන්න?කඩෙන් ගන්නවට වඩා පුංචි දුවලා පුතාලට මෙහෙම හදලා දුන්නම ගුණයි වගේම ගෙදර හදන නිසා පිරිසිදුයි.
අවශ්‍ය දේවල්:
- තම්බා පොඩි කරගත් අල කප් 2(ලොකු අල ගෙඩියක තරමට)
- කෝන් පිටි තේ හැදි 4
- කහ චුට්ටක්
- ලුණු කුඩු රස අනුව
- කරපිංචා කොළ හීනියට කපලා(ඔයාලා කැමති නම් කොත්තමල්ලි,සුදුළුණු කොල චුට්ටක් උනත් කමක් නෑ)
- චීස් ටිකක්(මොසරැල්ලා)
- බිත්තරයක්
- ඊස්ට් තේ හැදි 3
- කිරි කෝප්ප 2(පිටිකිරි උනත් කමක් නෑ)
සාදන ආකාරය:
- අල තම්බාගෙන හොඳින් පොඩි කරගෙන ඒකට කෝන් පිටි ටික එක් කරගන්න.
- ලුණු චුට්ටක්,කහ චුට්ටක් දා ගන්න.(අල තම්බන කොට ලුණු චුට්ටක් දාලා තම්බ ගන්න)
- ඉන්පසු කරපිංචා කෑලි ටික එක් කරගන්න. ඒකටම චීස් ටික,බිත්තරය,ඊස්ට් හැදි තුන, එකතු කර ගන්න.
- කිරි කෝප්පය දමමින් හොඳින් කවලම් කරගන්න. උකු ගතිය මදි නම් තව කිරි ටිකක් යොදා ගනිමින් ටිකක් විතර ඝන මිශ්‍රණයක් සකස් කරගන්න. ඊට පස්සෙ මේක පැය බාගයක් පමණ හොඳට වහලා තියන්න.
- ඉන්පසු තාච්චියක් ලිප තබා ඒකට තෙල් දමන්න. රත් කරගන්න. මේක ගැඹුරු තෙලේ බදින නිසා තෙල් ටිකක් වැඩිපුර අවශ්‍යයි.
- දැන් අර මිශ්‍රණය අරගෙන පයිපින් බෑග් එකකට දාලා එහෙමත් නැත්නම් පොලිතින් බෑග් එකක කෙළවර මදක් කපා, ඔයාලා කැමති නම් නොසෙල් එකක් දාගෙන කැමති හැඩයක් ගන්නත් පුළුවන්.
- ඉන්පසු තෙල් ටික හොදට රත් උනාම අර මිශ්‍රණය කෑලි කෑලි එන විදියට තෙල් එකෙ තැනින් තැනට වත් කරගන්න. ටිකකින් ඒවා පිපිලා උඩට එනවා ඔයාලට පෙනෙයි. රන්වන් පාටට බැදීගෙන එනවිට ( ගොඩාක් දුඹුරු පාට වනතුරු තියන්න එපා ) ලිපෙන් අයින් කරලා තෙල් බේරෙන්න තියන්න.
- සැරට අවශ්‍ය නම් ඔබගේ කැමැත්ත අනුව මිරිස්කුඩු ටිකක් යොදා ගැනීමටද පුළුවන්.
0 comments:
Post a Comment