🌷පාන් පිටි කෝප්ප එකක් (ග්‍රෑම් 120 )
🌷ලුණු තේ හැඳි භාගයක්
🌷සීනි තේ හැඳි බාගයක්
🌷රත් කරගත් ගී හෝ පොල් තෙල් මේස හැඳි බාගයක්
🌷සූදුරු තේ හැඳි බාගයක්
🌷බැදීමට තෙල් / රස කර ගැනීමට මිරිස් කුඩු තේ හැඳි බාගයක්
🌈️ පාන් පිටි වලට ලුණු ,සූදුරු , සීනි දමා හොඳින් කලවම් කරන්න
🌈️ එයට රත් කර ගත් ගී හෝ පොල්තෙල් එක් කරන්න
🌈️ අවශ්‍ය පමණ වතුර දමා නො ඇලෙන පදමට මිශ්‍රණය සකසා ගන්න
🌈️ විනාඩි දහයක් පමණ විවේකීව තබන්න
🌈️ පිටි මෝලිය තුනී කරන්න
🌈️ මූඩියක් අරගෙන කොටසක් පමණක් පිටි මෝලිය ලගින් තබා කජු හැඩයට බිස්කට් කපා ගන්න (මම නම් ගත්තෙ වැනිලා බෝතලයක මූඩිය)
🌈️ ඉන්පසු රත් වූ තෙලේ බැද ගන්න
🌈️ අවසානයේ දී මිරිස් කුඩු දමා හොඳින් කලවම් කරන්න
🥐🥐🥐🥐 Chandima Ranasingha 🥐🥐🥐🥐
0 comments:
Post a Comment