ගරම් මසාලා (Garam Masala)

ඉන්දියානු සම්ප්‍රදායික රහ කලාවේ රජු "ගරම් මසාලා".ඉන්දියානු භාෂාවෙන් එනම් හින්දි භාෂාවෙන් ගරම් කියන්නේ උණුසුම් කියන තේරුමයි. මසාලා කියන්නේ මිශ්‍රණය කියන අර්තයටයි. ආහාරය උණුසුම් කරන මිශ්‍රණය, එනම් හොට් මික්ස් කියන තේරුමයි. ඉන්දියාවේ ප්‍රාන්තයෙන් ප්‍රාන්තයට ගරම් මසාලා සාදන ආකාරය වෙනස් වෙනවා. අපේ රටේ බොහෝ දුරට භාවිතා කරන්නේ කේරළ ප්‍රාන්තයේ ගරම් මසාලා වට්ටෝරුවයි.එහි එතරම් කුළු බඩු භාවිතා කරන්නේ නැ. නමුත් නියම ඖෂදීය ගුණයෙන් යුතු කුළු බඩු පමණක් භාවිතා කරයි. ඉන්දියානු ආහාර රස විදින්න කැමති ඔබට ගරම් මසාලා නිවසේදීම සාදා ගත හැකිය. වෙලදපලෙන් මිලදීගනු ලබන මසාලා කුඩු වලට වැඩිය මෙම පහේ වට්ටෝරුව නිවසේදී සකස් කිරීමේදී කොතරම් සුවද විහිදෙනවාද.කෙතරම් රසවත්ද කියා ඔබට දැනෙයි.  

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කොත්තමල්ලි කෝප්ප 1/2
  • සුදුරු කෝප්ප 1/4
  • මහදුරු මේස හැඳි 01
  • ශ්‍රී ලාංකේය කරදමුංගු කොළ හා කරදමුංගු 25-30
  • සාමාන්‍ය ප්‍රමාණයේ බෙලිෆ් කොළ 6-7
  • කළු කරදමුංගු 10-12
  • කරාබුනැටි 15-20
  • වසාවාසි 6-8
  • අඟල් 2පමණ කුරුදු කැබලි 5-6
  • ඉගුරු පියල් තේ හැඳි 1/2
  • ස්ටාර්ඇනිස් 2-3
  • සාදික්කා මද ස්වල්පයක් 
  • සාදික්කා පිට කවර ස්වල්පයක් 
  • ගම්මිරිස් තේ හැඳි 1
  • පෙරුම්කාය කුඩු ස්වල්පයක් 
සාදන ක්‍රමය:
  1. මෙම සියලු කුළු බඩු වෙන වෙනම බැද ගන්න. 
  2. විනාඩියක් හෝ විනාඩි එකාමාරක් අඩු ගින්දරේ බැද ගත යුතුය. 
  3. දුබුරු පැහැ වන විට සුවද හමන්න පටන්ගන්නවා.එවිට ලිප නිවා ගන්න. නැතිනම් පහේ ටික කරවෙයි. 
  4. කර රහ ඉස්මතු වුවහොත් නියම තුනපහේ රහ යටපත් වෙනවා. වෙන වෙනම බැද ගැනීම අනිවාර්ය වෙනවා.
  5. එවිට කුළු බඩු වල ඖෂදීය ගුණය ආරක්ෂා වෙනවා.
  6. දැන් සියලු ද්‍රව්‍ය හොදින් අඹරා ගන්න.පසුව පෙනේරයකින් හොදින් කිහිප විටක් හලා ගන්න. 
  7. දැන් හුලන් නොවදින ලෙස අසුරා තබන්න. 
විශේෂයි:
  • මේ සියළු කුළු බඩු අලුත් ඒවා විය යුතුය.
  • කළු කරදමුංගු තරමක් විශාල දුඹුරු පැහැ ගනකම් පොත්තක් සහිත කුළු බඩුවකි.
  • ස්ටාර්ඇනිස් සුපිරි වෙළදසැල් වලින් ගන්න පුළුවන්.
  • මෙම කුළු බඩු සමග විවිද මිරිස් වර්ග දෙක තුනක් එකතු කර ගන්න. 
  • කහ මෙයට එකතු නොකරන්න. 


0 comments:

Post a Comment