නිධානය රැක්ක ගැරඩියා - ගැරඩි ඇල්ල ⛰🎍🌿💦🐍 (Garadi Ella)

අද අපි කතා කරන්න යන්නේ ලස්සන දිය ඇල්ලක ඉතිහාස කතාවක්.අපි කියන්නේ ගැරඩි ඇල්ල ගැනයි.

ගොඩක් දෙනෙක් දන්නේ මේ ඇල්ලට මේ නම වැටුනේ මේ ඇල්ල ගැරඩියෙක් ආකාරයට ගලා බසින නිසා කියලනේ.හැබැයි ඔයාලා නොදන්න තව කතාවකුත් තියෙනවා.

ඒ තමා,ඔන්න කොත්මලේ පැත්තේ තිබුණලූ වටිනා රන් රිදිබඩු පිරිලා තිබුණ නිධානයක්.ඉතින් ඔය කියන නිධානේ ගන්න ගොඩක් මිනිස්සු උත්සහ කරලා.

කොහොම කොහොම හරි යන්ත්‍ර මන්ත්‍ර දන්නා අයත් ඇවිල්ල ඕක ගන්න හැදුවලු ඒත් බැරි උනාලු.මේ නිදානය තිබිල තියෙන්නේ දියල්ලක් පා මුල.

ඒක ආරක්ෂා කරන්න ඉදල තියෙන්නේ ගැරඩියෙක්. මුත් ඉතින් අපේ ගෙවල් වලට එනවා වගේ පොඩි එකෙක් නෙවෙයි මහා දාර පිඹුරෙක් වගේ හෙන පත එකෙක්. 

ඉතින් ආපු කාටවත් මේ නිදානය ගන්න නම් ලැබුනේ නෑ. ඔක්කොම ගැරඩියට බිලිවෙලා මැරිලා ගියා.

ඔන්න ඔහොම ඉන්න කොට මේ නිදානය ගැන ආරංචිය මුළු තුන් රටේම පැතිරුණ ඉතින් මේ ආරංචිය දැනගන්න ලැබුන මායා රටේ එක කට්ටඩියෙක් මේ නිදානය කොහොමහරි ගන්න ඕනේ කියල හිතල ගියා කොත්මලේට.

මේ මිනිහ කොත්මලේ ආවේ තමන්ගේ බිරිදත් එක්ක. ඉතින් දෙන්නම ආව. ඒ උනාට ගෑනි දන්නේ නෑ මේ ඇවිත් ඉන්නේ නිධන් හාරන්න බව .

ඉතින් මෙහෙම නිධානේ ගැන හොයන මේ මනුස්සයට හොයාගන්න පුළුවන් වුනා මේ ගැරඩියගේ බල බිදෙන වෙලාව. 

ඒ වගේම මේ නිදනේ ගන්න ඕනේ විදියත්. ඒ අනුව නිධානේ ගන්න නම් ගැරඩියගේ බල බිදෙන වෙලාව බලල ගැරඩිය අල්ල ගන්න ඕනෙලු.

ඊට පස්සේ ඒ ඇල්ලෙන්ම නාලා. අර අල්ලගත්තු ගැරඩියගේ ඔලුව තම්බල කන්න ඕනෙලු. ඊට පස්සෙලු නිධානේ ගාවට යන්න පුළුවන්.

ඉතින් කොහොම හරි මේ මනුස්සය තමන් දන්නා වැඩ සේරම දාලා ගැරඩියව අල්ලාගෙන ඉවරවෙලා ගෑනිට දීල කිව්වලු මේකාව තම්බල උයන්න මම නාගෙන එන්නම් කියලා. 

ගෑණිත් ඌව හොදට සුද්ද කරලා ඉව්වලු. ඔන්න ඔක්කොම උයලා ඉවර වුණා විතරයි ගේ දොරකඩට හිගන්නෙක් ඇවිල්ල කන්න මුකුත් ඉල්ලනවලු.

ඉතින් මෙයත් මොකෝ කලේ කැන්ද කොලයක් කඩලා මිනිහට බත් බෙදුවලු. දැන් අර ගැරඩියා උයපු මස් බෙදන්න මේ ගෑනිට ලොබයිලු.

කමක් නෑ ගැරඩියාගේ ඔලුව බෙදනවා කියලා හිතල ගැරඩි ඔලුව හිගන්නට බෙදුවලු. 

කොහොම හරි හිගන්න බත් කාලා පින් දීල යන්න ගියාලු. ඔන්න ඔය අතරේ නාන්න ගිය මනුස්සය ගෙදර ඇවිත් කෑම ඉල්ලුවලු.

“ මතක් කරලා අර ගැරඩියගේ ඔලුවත් බෙදල ගේන්න” කියල කිව්වලු.

එතකොට ගෑනි කියනවලු “ මොකටද ඔය මස් නැති ඔලු කන්නේ මේ තියෙන්නේ හොද කෑලි ඕනේ තරම්” කිව්වලු.

“ උබට ඒවායින් වැඩක් නැනේ කියපු දේ කරපංකෝ”

“ගැරඩි ඔලුව නෑ , හිගන්නෙක් ආවා මම ඒක ඌට දුන්නා”

මේක අහපු ගමන් මිනිහට යකා ආවලු ගෑණිත් එක්ක.

“ යකෝ මම ඒක ගෙනාවේ හිගන්නට දෙන්න නෙමෙයි මට කන්න. ඒක කාල මේකේ තියන නිදානේ ගන්න.”

කියා කියා ගෑණිට ගහලා ගහලා කෙස්වැටියෙන් අල්ලාගෙන ගිහින් තල්ලු කලාලු ඇල්ලෙන් පහලට.

ගෑනි ඇල්ලෙන් වැටිලා මැරුනලු. මිනිහා  හිස් අතින්ම ආපහු මායා රටට ගියාලු.ඉතින් මේ කතාව හැමතැනම පැතිරුනා . ඊට පස්සේ මේ නිධානේ තිබුන ඇල්ල “ගැරඩි ඇල්ල” කියලා ප්‍රසිද්ද වුනාලු. අදටත් ඒ ඇල්ල හදුනන්නේ ගැරඩි ඇල්ල කියල තමයි.

ආ අර හිගන්නෙක් ආවා නේද ඒ හිගනෙක් නෙමෙයි බහිරවයෙක්. ගැරඩියා මැරුව කියල දැනුන ගමන් හිගන වෙස් අරගෙන ආවේ ඒක නවත්තන්න. ඒකා යනකොට නිධානෙත් අරගෙන ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ දැන් එතන නිදානේ නෑ.
ඔන්න ඕකයි කතාව...

පින්තූර මුල්හිමිකරු සතුයි.📸🙏










උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment