අද ඉදන් ඔයාලට පුළුවන් ගෙදරදීම අයිස්ක්‍රීම් හදලා කන්න.
අවශ්‍ය ද්‍රව්‍ය:
- කිරි ටින් 01
- වතුර මේස හැඳි 04
- බිත්තර 02
- කොකෝවා පවුඩර් 100g
- සීනි අවශ්‍ය පමණට
- වැනිලා ස්වල්පයක්
සාදන ක්‍රමය:
- කොකෝවා පවුඩර් හා වතුර කවලම් කර උකු දියරයක් සාදා ගන්න.
- ඉන්පසු බදුනක් ගෙන එයට සීනි, කිරි, බිත්තර, වැනිලා එකතු කර හොදින් බීට් කර ගන්න.
- එය අධි ශීතකරණයේ පැය 04ක් තබන්න.
- නැවත ඉවතට ගෙන බීට් කර අධි ශීතකරණයේ තබන්න.
- එලෙස තුන් පාරක් පමණ කර පිළිගන්වන්න.
0 comments:
Post a Comment