චොක්ලට් බෝල (Chocolate Balls)

ඉතින් ඔයාලට අද මේ කියලා දෙන්න යන්නේ  රසම රස චොක්ලට් බෝල වර්ගයක් ගෙදරදීම හදාගන්නේ කොහොමද කියලයි.මේවා හදන්න ඕනි දේවල් හොයාගන්නත් එච්චර අමාරු නෑ.බලන්නකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා..මේ විදිහට බෝල හදාගත්තට පස්සේ ඔයාලට කැමති විදිහකට බෝල ටික සරසා ගන්නත් පුළුවන්.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • කුකින් චොක්ලට් 400g
  • මාරි බිස්කට් 500g
  • ටින්කිරි පොඩි ටින් එකක්
  • බැදපු රටකජු 250g
හදාගන්නා ආකාරය:
  1. හරි දැන් තියෙන්නේ හදාගන්න.ඔයාලට මුලින්ම කරන්න තියෙන්නේ මාරි බිස්කට් ටික  භාජනයකට දාලා හොඳින් කුඩු කරගන්න එක.
  2. ඊට පස්සේ රටකජු ටික අරන් වියළි තාච්චියකට වගේ දාලා හොඳින් බැදගන්න. ඊට පස්සේ කජු වල පොතු හොඳින් සුද්ද කරගන්න ඕනේ.
  3. දැන් කරන්න තියෙන්නේ මේ රටකජු ටික බ්ලෙන්ඩරයට දමා කුඩු කරගන්න එක.ටිකක් කෑලි හැපෙන්න තිබුනොත් හොඳයි.
  4. ඊට පස්සේ කුඩු කරගත්ත රටකජු සමගින් කලින් අපි කුඩු කරගත්ත මාරි බිස්කට් ටික දාලා හොඳින් කලවම් කරගන්න.
  5. දැන් කරන්න තියෙන්නේ ඔයාලා ගොඩාක්ම කැමති වැඩක්,ඒක තමයි ටින් කිරි ටින් එක කඩන එක.
  6. දැන් කඩගත්ත ටින් කිරි එක රටකජු මාරි බිස්කට් මිශ්‍රණයට දාලා  එක්ක හොඳින් කළවම් කරගන්න.ඒක තලපයක් වගේ හොඳින් අනාගන්න ඕනේ.දැන් මේ මිශ්‍රණයෙන් ඔයාලා පොඩි පොඩි බෝල හදාගන්න ඕන.හදාගත්ත බෝල ටික තැටියක වගේ තියලා ඒ ටික පැත්තකින් ටිය ගන්න ටික වෙලාවක්
  7. දැන් තමයි පොඩ්ඩක් අමාරු වැඩේ තියෙන්නේ.ඒ තමයි චොක්ලට් දිය කරගන්න එක.චොක්ලට් ටික ඩබල් බොයිල් ක්‍රමයට දිය කරගන්න ඕනේ.දියකරගත් චොක්ලට් ටික ඉක්මනට ගල් වීම වලක්වන්න ඔයාලා චොක්ලට් රත් කරන කොට බටර් ස්වල්පයක් එකතු කරගන්න.එතකොට කුකින් චොක්ලට් ටික ගල් වෙන එක පොඩ්ඩක් හෙමින් සිද්ද වෙයි.
  8. දැන් බොහොම ඉක්මනින් ඔයාල හදා ගත් බෝල ටික මේ දියකරගත් චොක්ලට් එකේ ගිල්ලලා බටර් ටිකක් ගාපු තැටියක් මත වේලෙන්න හරින්න.
  9. චුට්ටක් වෙලුනට පස්සේ ෆ්‍රිජ් එකට දාලා මේ ටික කූල් කරගන්න.චොක්ලට් ටික හොඳට හයි වෙනකන් තිබ්බම ඇති.

0 comments:

Post a Comment