චිකන් නගට්ස් (Chicken Nuggets)

කුකුල් මස් වලින් ඉක්මනට හදාගන්න පුළුවන් පොඩි කෑමක් හදා ගන්න හැටි කියලා දෙන්නයි ඔන්න දැන් කෑම ලන්තයෙන් සුදානම.මේවට කියන්නේ චිකන් නගට්ස් කියලා.වෙජිටේරියන් නොවන ඕනම කෙනෙක් මේවා කන්න නම් ගොඩක් කැමති වෙයි.මේවා කඩෙන් ගන්න ගියොත් නම් බොහොම ලොකු ගානක් වියදම් කරන්න වෙනවා.එත් ගෙදර හැදුවොත් ලබෙටත් රසකාරක වර්ග,කල් තබා ගන්න දේවල් නොදා බොහෝම සෞක්‍යරක්ෂිතවත් හදාගන්න පුළුවන්.අපි දැන් එහෙනම් බලමු මේ චිකන් නගට්ස් හදාගන්නේ කොහොමද කියලා.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • පාන් පිටි කෝප්ප 1
  • ලුනු මේස හැඳි 1 1/4
  • ගම්මිරිස් රස අනුව
  • ලොකු බිත්තර 2
  • සීසන් කරපු කොප්ප 2(සීසන් කරපු පාන් කුඩු සොයාගැනීම අපහසු නම් සාමාන්‍ය පාන් කුඩු කෝප්ප 2ක් අරගෙන තුන පහ කුඩු තේ හැඳි 1,මිරිස් කුඩු තේ හැඳි 1,සුදුරු කුඩු තේ හැඳි 1 බැගින් දාලා හොඳට කලවම් කරගන්න.)
  • චිකන් බ්‍රෙස්ට් /කුකුල් මස් පපු කොටස් 2ක් අඟලේ කොටු වලට කපලා
  • බැදගැනීම සඳහා එළවලු තෙල්
  • තක්කාලි සෝස් /කෙචප් (පිළිගැන්වීම සඳහා)
සාදාගන්නා ආකාරය:
  • මුලින්ම පාන් පිටි,ලුනු සහ ගම්මිරිස් භාජනයකට දාලා කලවම් කරගෙන පැත්තකින් තියාගන්න.
  • ඊට පස්සේ වෙනත් භාජනයක,බිත්තර 2යි වතුර මේස හැඳි 2කුයි එකට දාගෙන ගසා ගන්න.
  • තව භාජනයක් අරගෙන පාන් කුඩු ටික දාගෙන පැත්තකින් තියාගන්න.
  • දැන්,මස් කෑලි ටික මුලින්ම අපි හදාගත්ත පාන් පිටි මිශ්‍රණයේ පළමුවෙන් හොඳට තවර ගන්න.ඊට පස්සේ මේ මස් ටික බිත්තර මිශ්‍රනයේත් ,ඊට පස්සේ පාන් කුඩු වලත් හොඳින් තවරගන්න.
  • දැන් ටිකක් ඉඩකඩ සහ ගැඹුර තියෙන තාච්චියකට අඟල් 2ක් විතර උසට තෙල් දාලා මද ගින්නේ රත් කරගන්න.එකේ තෙල් වලට පාන් කුඩු ටිකක් දාපු ගමන් බැදෙන්න ගත්තොත් ඒ කියන්නේ මේ තෙල් වල අපේ මස් ටික බැදගන්න ලෑස්තියි.
  • දැන් භාජනයේ ඉඩ තියෙන විදිහට මේ මස් කෑලි ටික දාගෙන බැදගන්න.හැම පැත්තම හොඳට රන්වන් පාට වෙනතුරු මේ කෑලි ටික හොඳට ඉවෙනකන් බැදගන්න.
  • දැන් මේවගේ තෙල් බේරාගෙන,ඊට පස්සේ තක්කාලි සෝස් එක්ක කට්ටියට පිළිගන්වන්න.

0 comments:

Post a Comment