බටර් නට් සුප් (Butter Nut Soup)

රෑ කෑම ටිකක් අඩුවෙන් කන්න පුළුවන් නම් හොඳයි කියලා තමයි දොස්තරලා කියන්නේ.ඒත් ඉතින් මොනවහරි යන්තම් කාලා නිදියගන්න එකත් සෞඛ්‍ය ගුණ නෑ.ඒ නිසා සුප් එකක් වගේ එක්ක පාන් පෙත්තක් නම් පෝෂණීය රාත්‍රී අහාර වේලක් විදිහට අපට ආහාරයට ගන්න පුළුවන්.බටර් නුට් සුප් එකක් කියන්නෙත් නේ වගේ පෝෂණීය සැහැල්ලු ආහාරයක්.අපි බලමු එය සාදාගන්නා ආකාරය.

අවශ්‍ය ද්‍රව්‍ය:
  • වට්ටක්කා 250g
  • සැල්දරී 50g
  • ළුණු 50g
  • සුදුළුණු 50g
  • ලීක්ස් 50g
  • අමු මිරිස් 20g
  • බටර්  100g
  • පාන් පිටි 50g
  • කුකින් ක්‍රීම් 100ml
  • රස අනුව ලුනු 
  • ගම්මිරිස්
සාදන ක්‍රමය :
  1. වට්ටක්කා හොඳින් සෝදා පොතු හැර කපාගන්න.භාජනය රත්වීමට ලිප තබා බටර් දමා ළුණු,සුදුළුනු,ලීක්ස්,සැල්දිරි සමග වට්ටක්කා එකතු කරගන්න.
  2. එයටම වතුර සහ පිටි දමා විනාඩි 40ක් පමණ මද ගින්නේ පිස ගන්න.
  3. ළිපෙන් බා ගත් සුප් එක හොඳින් බ්ලෙන්ඩ් කර යලි මද ගින්නේ තබා එයට කුකින් ක්‍රීම් සහ ලුනු,ගම්මිරිස් රස අනුව එකතු කර ගන්න.

0 comments:

Post a Comment