කල්පිටියේ සැගවුන මැණික - බත්තලංගුණ්ඩුව 🦀🐟 (Baththalangunduwa)

අද අපි කතා කරන්න යන්නේ ලංකාවේ ලස්සන දූපතක් ගැන ඒ නමින් බත්තලංගුණ්ඩුවයි.

මෙරට වයඹ දිග මුහුදු තීරයේ කල්පිටිය අර්ධද්වීපයට මුහුදු සැතපුම් විසිපහක් පමණ ඈතින් පිහිටි බත්තලංගුණ්ඩුව කල්පිටිය සංචාරක පුරවරයේ අපූරු දූපතක්.

මුලින්ම කියන්න ඕනේ මංජුල වෙඩිවර්ධනගේ බත්තලංගුණ්ඩුව නවකතාව කියවපු කෙනෙක්ට නම් මේ ගමන අපූර්ව අත්දැකීමක් වෙනවා.බත්තලංගුණ්ඩුව යනු කුඩා දූවකි. 
දිගින් වැඩි පළලින් අඩු දූවේ දෙකෙළවර අතර දුර මීටර 500ත් කිලෝමීටරයක්  අතර වෙනවා..

බත්තලංගුණ්ඩුව මුළු  දූපතම වටා පැයකින් දෙකකින් රවුමක් ගොස් පැමිණිය හැකි තරම් කුඩා දූවකි.

ලංකා සිතියමේ අතක් මෙන් දිස්වෙන කල්පිටි අර්ධද්වීපයේ ඉහළම කෙළවරේ පිහිටා ඇති බත්තලංගුණ්ඩුවට ආසන්නතම ගොඩබිම පිහිටියේ විල්පත්තු මහා වනෝද්‍යානයයි. 

කිලෝමීටර දෙක තුනක පෙනෙන දුර ගොඩබිම පිහිටියත් ඒ ගොඩබිමට නොයා කල්පිටියටම එන්නේ කල්පිටිය නගරය හා සම්බන්ධ වීම ධීවර ප්‍රජාවටත් යන එන අයටත් වාසියක් නිසා විය යුතුය. 

මේ දූපතේ නාවික හමුදා කඳවුරක් තියෙන්වා.

දූපතට යන්නේ නම් කෑම බිම රැගෙන යා හැකිනම් පහසුය. දිවා ආහාර අවැසිනම් කල්පිටිය ධීවර වරාය කැන්ටිමෙන් පාර්සල් කරගෙන වුවද යා හැකියි.

බත්තලංගුණ්ඩුව එක් දිනකින් ගොස් ආ හැකි අවැසි නම් කූඩාරමක් ගසාගෙන හෝ මාළු වාඩියක රැය පහන් කළ හැකි කදිම තැනකි. එහි ගමන අමුතුම අත්දැකීමකි.

දූපතේ ප්‍රවාහානය සඳහා පා පැදියක් හෝ නැත. ඇත්තේ ධීවර ආම්පන්න රැගෙන යාමට ඇති අත් කරත්තයක් පමණි.

මේ දූපත ධීවර දූපතක්. ධීවර පවුල් විශාල ප්‍රමාණයක් එහි පදිංචි වෙලා ඉන්න්වා. කරවල වාඩිත් එමටයි. අපිට මේක සුන්දර චාරිකාවක් වුනාට මෙහි ජීවත් වෙන ජනතාව ඉන්නේ හරිම විඩාවෙන්.

මේ දූපතේ කතෝලික දේවස්ථානක් සහ පන්සලක් ද පිහිටා තිබීම විශේෂත්වයකි. ඊටම අදාල ආගමීක චාරිත්‍ර බොහෝය. 

අපි නොදන්න අපේ රටේ සුන්දරත්වය අපිට මග හැරෙනවා. ගිහින් බලන්න වටිනම තැන් මේවා.

බත්තලංගුණ්ඩුව කියන නම නිසාම මේ දූපත ඔබේ මතකයේ තියෙයි.හැබැයි ගියාට කමක් නෑ පරිසරය විනාශ නොකර ආපහු එන්න.

පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏

Baththalangunduwa
Baththalangunduwa is iconic place for beach camping. Kalpitiya has gotten one of the significant vacation spots of Sri Lanka. Most of the travelers visit Kalpitiya to visit mainly Baththalangunduwa, Bird watching, Kalpitiya Dutch Fort, Kayaking, Kite surfing, and it has an amazing beach. There are limited number of tourist destinations in Kalpitiya. 

Around 38 kilometers or 20 nautical miles from the town of Kalpitiya off the Dutch Bay lies the island of Baththalangunduwa. A thin strip of an island about a mere five square kilometers in size, it is one of the few inhabited ones off the coast of Kalpitiya. Baththalangunduwa became a one of the favorite destination among travelers.

The island is an incomparable beauty. It has one of the loveliest beaches I’ve ever seen in Sri Lanka. Absolutely Baththalangunduwa is a hidden gem.










උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment