බෙක්ඩ් පෑන් කේක් (Baked Pancakes)

මන් අද ඔයාලට සන්ද්‍යාවේ තේ මේසයට එක් කරගැනීමට හැකි ඉතා පහසුවෙන් සකස් කරගත හැකි  රස කෑමක් ගැනයි මේ කියන්න හදන්නේ.මේවා තමයි බෙක්ඩ් පෑන් කේක්. 

අවශ්‍ය ද්‍රව්‍ය:
  • බටර් මේස හැඳි 03
  • පිටි 150g
  • කිරි 150ml
  • බීට් කරගත් බිත්තර 02
  • සුදු සීනි තේ හැඳි 01
  • ලුනු තේ හැඳි 1/4
  • ලෙමන් යුෂ 75ml
සාදන ක්‍රමය:
  1. පෑන් එකක් ගෙන එයට බටර් දමන්න.
  2. 220c⁰ උෂ්ණත්වයට උණුසුම් කල අවන් එකේ පෑන් එක බටර් දියවෙන තුරු තබන්න.
  3. බඳුනක් ගෙන පිටි,කිරි,බිත්තර,සීනි,ලුනු දමා කලවම් කර බටර් දියකරගත් පෑන් එකට එකතු කරගන්න.
  4. එය නැවත අවන් එකේ තබා දුඹුරු පැහැවන තුරු විනාඩි 20-25 පමණ බේක් කරගන්න. 


0 comments:

Post a Comment