ඇමරිකන් ෆ්‍රයිඩ් රයිස් (American Fried Rice)

ඔන්න අද කියලා දෙන්න යන්නේ ඇමරිකන් ෆ්‍රයිඩ් රයිස් හදන්නේ කොහොමද කියලා.ඇමරිකන් කියලා කිවුවට මේක ඇත්තටම හදන්නේනම් ඇමරිකාවේ නෙමෙයි. මේක තායි කෑමක්.බලමුකෝ එහෙනම් හදන්නේ කොහොමද කියලා.
අවශ්‍ය ද්‍රව්‍ය:
  • පොඩියට කපාගත් ළුණු ගෙඩියක්
  • තලාගත් සුදුළුනු බික් 2ක්
  • කොටු කපාගත් කැරට් කප් 1/4ක්
  • ග්‍රීන් පීස් කප් 1/4ක්
  • බඩ ඉරිගු ඇට මේස හැඳි 3ක්
  • පිස ගත බත් කෝප්ප 3ක් (ශීතකරණයේ තබාගත් බත්නම් වඩාත් සුදුසුයි)
  • සොයා සෝස් මේස හැන්දක්.
  • තක්කාලි සෝස් මේස හැඳි 2ක්.
  • ගම්මිරිස් කුඩු ස්වල්පයක්, රස අනුව ලුණු
  • බිත්තර 2ක්
  • සොසේජස් හතරක්
  • බැදගත් චිකන් ඩ්‍රම්ස්ටික් 2ක්.
සාදාගන්නා ආකාරය:
  1. මුලින්ම ඉඩ කඩ ඇති භාජනයක් ලිප තබා තෙල් මේස හැඳි 3ක් පමණ එක්කර රත්වෙන්න හරින්න.
  2. ඉන්පසු එයට ළුනු, සුදුළුනු හා කැරට් එක්කර තෙම්පරාදු කරගන්න.
  3. ඉන්පසු එයට ග්‍රීන් පීස්, බඩ ඉරිගු ඇට ටික එක්කර පිසගත් බත් එක්කරන්න. එයට තක්කාලි සෝස්, සෝයා සෝස්, රස අනුව ලුණු හා ගම්මිරිස් කුඩු මිශ්‍ර කරගෙන තරමක් වැඩි ගින්දරේ කලවම් කරගන්න. හොදින් කලවම් වූ  ඉවත් කරගන්න.
  4. සාදාගත් රයිස් එක, බැදගත් සොසේජස්, බුල්සයි දමාගත් බිත්තර, බැදගත් චිකන් ඩ්‍රම්ස්ටික් සහ පෙති කපාගත් තක්කාලි සමග පිළිගන්වන්න.
වැදගත් :  බුල්සයි දමාගත් බිත්තර කිවුවම බයවෙන්න එපා. තාච්චියට තෙල් පොඩ්ඩක් දාලා වෙනදා හදන විදිහටම ඔම්ලට් එකක් හදාගන්න කහ මදේ කලවම් කරගන්නේ නැතුව.  

0 comments:

Post a Comment