දෙවන දිය යට කෞතුකාගාර - ත්‍රිකුණාමලයට 🏊🏻‍♂️🤿💦 (2nd Underwater Museum 🏊🏻‍♂️🧊)

අද අපි ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ලංකාවේ ඉදිවුණු තවත් සුවිශේෂි කෞතුකාගාරයක් ගැන කියන්න.

ඒ තමා පසුගියදා මෙරට ඉදිවූ දෙවන දිය යට කෞතුකාගාර නැගෙනහිර සැන්ඩි බේ වෙරළේදී විවෘත කිරීමයි.

නාවික හමුදාධිපතිගේ පූර්ණ අධීක්ෂණය යටතේ ත්‍රිකුණාමලය මුහුදු තීරයේ මෙම දිය යට කෞතුකාගාරය ඉදි කරන තිබෙනවා.


විශේෂයෙන් සංචාරක ආකර්ෂණය දිනාගත් ත්‍රිකුණාමලය සැන්ඩි බේ වෙරළ කේන්ද්‍ර කර ගනිමින් මෙම කෞතුකාගාරය ඉදි කිරීමෙන් ඉදිරියේදි විශාල ප්‍රතිලාභ රැසක් මෙරටට හිමිවෙයි.

මෙම දියයට කෞතුකාගාරය තුල ස්ථාපනය කර ඇති සියලුම නිර්මාණ නාවික හමුදා පුද්ගලයන් විසින් සිමෙන්ති සහ සම්පූර්ණයෙන්ම පරිසර හිතකාමි ද්‍රව්‍ය වලින් නිර්මාණය කර තිබෙනවා.

කාලයාගේ ඇවෑමෙන් මෙහි කොරල් පරිසර පද්ධතියක් නිර්මාණයවී එහි අලංකාරය තවත් වර්ධනය වනු ඇති බවත් සදහන් වෙනවා.

මෙම දිය යට කෞතුකාගාරය ත්‍රිකුණාමලය සැන්ඩි බේ මුහුදු ප්‍රදේශයේ අඩි 60ක් පමණ ගැඹුරට වන්නට අඩි 150ක දිගකින් සහ අඩි 85ක පළලකින් පිහිටා තිබෙනවා.

ඒ වගේම ඔයාලා දන්නව ද මෙ‍ම ව්‍යාපෘතිය මගින් කොරල් පර නැවත වර්ධනය කර ගැනීම මෙන්ම මත්‍ස්‍ය සම්පත වර්ධනය කර ගැනීම අපේක්‍ෂා කරනවා.

මේ වන විටත් මෙම ප්‍රදේශය ආශ්‍රිතව මත්ස්‍ය අභිජනණය ආරම්භ වී ඇති අතර ඉතා නුදුරු කාලයකදී සංචාරකයින් හට මෙම ප්‍රදේශයේ කිමිදුම් කටයුතු සිදුකිරීමේ අවස්ථාව හිමි වෙනවා.

නොබෝ දිනකින් ඔයාලටත් මෙහි යන්න පුලුවන්.

ගාල්ලට විතරක් නෙමේ ඔන්න දැන් ත්‍රිකුණාමලේටත් දිය යට කෞතුකාගාරයක් තියෙනවා.






උපුටා ගැනීමකි...

0 comments:

Post a Comment