ලෝකයේ තිබෙන සුප්‍රසිද්ධම ප්‍රතිමා අතර ප්‍රධාන ස්තානයක් ගන්නා ප්‍රතිමාවක් වන්නේ නිව් යෝර්ක් නගරයේ පිහිටා තිබෙන ලිබර්ටි ප්‍රතිමාවයි.බොහෝ දෙනෙක් මේ ප්‍රතිමාව ඇසින් හෝ ජායාරූප මගින් දැන තිබුනත් ඒ හා බැදුණු සමහරක් කරුණු පිලිබදව අසා හෝ නැහැ. අපි ඔබ වෙත ගෙන එන්නේ සුප්‍රකට ලිබර්ටි ප්‍රතිමාවේ අප්‍රකට කරුණු 09 ක් පිලිබදවයි.
අංක එක-ලිබර්ටි ප්‍රතිමාව එකලස් කිරීමට ප්‍රතිම එය තිබුනේ විවිධාකාර කොටස් ගොන්නක් ලෙසයි.මේ ප්‍රතිමාව ප්‍රංශයේ සිට නිව් යෝර්ක් නගරය වෙත ලගා වූයේ 1885 වසරේ ජුනි 17 වන දිනයි.එය නිව් යෝර්ක් වෙත ලගා වන විට දකින්නට ලැබුනේ කොපර් කැබලි 300 ක් ලෙසයි. මෙම ප්‍රතිමාව ප්‍රංශ මගී නෞකාවක් මගින් ප්‍රවාහනය කරනු ලැබූ අතර ඒ වන විට ප්‍රතිමාව සතුව තිබූ පන්දම දකින්නට ලැබුනේ නැහැ.
ලිබර්ටි ප්‍රතිමාව එකලස් කිරීමෙන් පසු එය වසර හයක් පුරා මැඩිසන් චතුරස්‍රය තුල ප්‍රදර්ශනයට තබා තිබුනා.මෙම ප්‍රතිමාව රැගත් නෞකාව පැමිණී විට එය පිලිගැනීම සදහා මිනිසුන් 200,000 ක් පැමිණි බව වාර්තා වෙනවා.ප්‍රතිමාව නිල වශයෙන් බාර ගැනීමේ උත්සවය පැවැත්වුනේ 1886 වසරේ ඔක්තෝම්බර් 28 වනදායි.ඒ ජනාධිපති ගෲවර් ගේ ප්‍රධානත්වය යටතේයී.
අංක දෙක-ලිබර්ටි ප්‍රතිමාව ඉදි කිරීම සදහා කිසිදු අවස්තාවක රාජ්‍ය අනුග්‍රහය ලබා දී තිබුනේ නැහැ.ප්‍රංශ ජාතික මූර්ති ශිල්පියෙකු වූ ෆ්‍රෙඩ්‍රික් ඕගෝස්ටේ බර්තොල්දි විසින් තම රට තුලදී පලමු වතාවට මෙම ප්‍රතිමාව ඉදි කිරීම සදහා මහජනතාව ගෙන් අරමුදල් රැස් කර තිබෙනවා.ඔහු විසින් මේ ප්‍රතිමාව නිම කල පසු ඇමරිකාවට මෙම මූර්තිය ප්‍රධානය කර තිබෙනවා.ඒ මූර්තියේ පාදම ඇමරිකාව විසින් ඉදි කල යුතුය යන එකගතාවය මතයි.
නමුත් රජය ඒ සමග එකග නොවූ නිසා මෙම ප්‍රතිමාව වසර හයක් පමණ කාලයක් හුදකලා වී තිබී තිබෙනවා.ඉන්පසු ඇමරිකානු ලේඛකයෙකු වූ මැග්නේට් ජෝශෆ් විසින් මේ සම්බන්ධව පුවත් පත් වාර්තාවක් පල කර ජනතාවගේ අවධනය ලබා ගැනීමට සමත් වී තිබෙනවා.මේ නිසා ආධාරකරුවන් 120,000 කගේ සහය ලබා ගැනීමට සමත් වූ ඔහූ ප්‍රතිමාව සම්පූර්ණයෙන්ම නිමා කර තිබෙනවා.ලිබර්ටි ප්‍රතිමාව අසල ලෝකඩ පලකයක් තුල අදටත් ඒ සදහා සහය දැක්වූ අයගේ නම් කැටයම් කර තිබෙන අයූරු දකින්නට පුලුවන්.
අංක තුන-ලිබර්ටි ප්‍රතිමාව සෑම කාලයකදීම කොළ පැහැයෙන් දැකීමට හැකි වන්නේ නැහැ. මෙම ප්‍රතිමාව කොපර් වලින් ඉදි කර තිබෙන නිසා එම පැහැය ලැබී තිබෙන බව සදහන්. නිව් යෝර්ක් හී ඉතිහාසය පිලිබද පර්‍යේශණ කරන කණ්ඩායම් පෙන්වා දෙන්නේ මෙම ප්‍ර්තිමාව 1920 වසරේදී සම්පූර්ණයෙන්ම කොළ පැහැ ගැන්වී තිබෙන්නේ ඔක්සිහරණය වීම නිසා බවයි.එක්තරා කාලයකදී මේ ප්‍රතිමාව අඩක් දුඹුරු පැහැයෙන් සහ අඩක් කොළ පැහැයෙන්ද සමන්විත වූ බව සදහන්.
අංක හතර-ලිබර්ටි ප්‍රතිමාව ඉදි කරනු ලැබුවේ ප්‍රදීපාගාරයක් ලෙස භාවිතා කිරීම සදහායී. ඒ නිව් යෝර්ක් නගරයේ වරාය වෙත පැමිණෙන නෞකා වලට තම ගමන් මාර්ගය පෙන්වා දීමේ අරමුණ ඇතිවයි.වසර දෙකක් පුරා ප්‍රදිපාගාරයක් ලෙස කටයුතු කල මෙම ප්‍රතිමාවේ දීප්තිය අඩු බව තීරණය කිරීමෙන් පසු එය වෙනත් ආකාරයකට ඉදි කිරීමේ පලක් නොමැති බව බලධාරීන් තීරණය කරනු ලබනවා.අවසානයේ බර්තොල්දි විසින් ප්‍රතිමාවේ රත්‍රං ආලේප කිරීමට තීරණය කලත් එය අධික වියදම් සහිත ක්‍රමයක් වූ නිසා එයත් බැහැර කිරීමට බලධාරීන් තීරණය කරනු ලැබ තිබෙනවා.
අංක පහ-ලිබර්ටි ප්‍රතිමාවේ ඔටුන්න මත පැහැදිලිවම දර්ශනය වන උල් හතක් දකින්නට ලැබෙනවා.මෙමගින් පෙන්නුම් කරන්නේ මහද්වීප හත සහ සාගර හතයි.එසේම ප්‍රතිමාගේ ඇති වාකවුළු ගණන 25 ක් වනවා. එහි අංක දෙකේ එකතුව ලෙස ලැබෙන්නේත් අංක හතයි.එසේම පන්දම වටා පත්‍ර 16 ක් දකින්නට ලැබෙනවා. කලින් සදහන් කල පරිදිම එම සංඛයාවේ එකතුව ලෙස සදහන් වන්නේත් හතයි.මෙම ප්‍රතිමාවේ සම්පූර්ණ උස ලෙස සදහන් වන්නේ අඩි 151 ක උසක්. එහි අන්තර්ගත අංක වල එකතුව ලෙස සදහන් වන්නේ අංක හතයි.ඒ අනුව අංක හත ප්‍රතිමාව ඉදි කිරීමේදී බහුලව යොදාගෙන තිබෙන බව පර්‍යේශකයින් පෙන්වා දෙනවා.
අංක හය-ජනප්‍රිය ඉංජිනේරු ශිල්පියෙක් වූ ඇලෙක්සැන්ඩර් අයිෆල් විසින් මෙම ප්‍රතිමාව ශක්තිමත් කර ගැනීම සදහා අවශ්‍ය වානේ සැකිල්ල නිර්මාණය කර තිබෙනවා.එසේම මෙම ප්‍රතිමාවට වසරකට අකුණු බෝල්ට් 600 ක පරිමාණයක් දරා ගැනීමේ හැකියාවද තිබෙන බව සදහන්.අධික සුළං පහර හමුවේ ප්‍රතිමාවේ පන්දමට අගල් තුනක් සීරු මාරු වීමේ හැකියාවද තිබෙනවා.මෙම ප්‍රතිමාවේ පඩිපෙල් 354 ක් යනතුරු මහ ජනතාවට නැරඹීම සදහා විවෘතව තබා තිබෙනවා.
අංක හත-ලිබර්ටි ප්‍රතිමාව සම්බන්ධව ගොනුවී තිබෙන තවත් මතයක් බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී තිබෙනවා.මෙම ලිබර්ටි ප්‍රතිමාව ඉදි කරනු ලැබුවේ අරාබි ගොවි කාන්තාවක් ලෙස බවත් එය ඊජීප්තුවට භාර දීමට තිබූ එකක් බවත් එම මතයයි. කෙසේ වෙතත් ඊජිප්තුව එය බාර ගැනීම ප්‍රතික්ශේප කිරීමෙන් පසු බර්තොල්ඩි එය නැවත නිර්මාණය කර නව ඇදුමක් සහ නමක් නිර්මාණය කර ඇමරිකාව වෙත ලබා දුන් බව වැඩිදුරටත් සදහන් වෙනවා.නමුත් මේ මතයේ සත්‍ය අසත්‍ය බව පිළිබදව මේ වන තුරුත් තොරතුරු සදහන් වන්නේ නැහැ.
අංක අට-ලිබර්ටි ප්‍රතිමාව දකින ඕනෑම කෙනෙකු සිතන්නේ එම ප්‍රතිමාව පිරිමි පුද්ගලයෙකුගේ විය හැකි බවයි.බොහෝ දෙනෙක් විස්වාස කරන අන්දමට බර්තොල්ඩි නිර්මාණය කර තිබෙන්නේ තම මවගේ මූර්තියයි.එසේම ජනප්‍රිය පුවත් පත් වාර්තාකරුවෙක් වූ එලිසබෙත් මිචෙල් ප්‍රකාශ කරන්නේ එම මූර්තිය ඔහුගේ සොහොයුරාගේ අනුරුවක් වන්නට හැකි බවයි.
මිචෙල් ඔහුගේ පවුලේ අයගේ ජායාරූප සහ මෙම අනුරුව පිලිබද සිදු කරනු ලැබූ පරීක්ෂණ වලදී සොයාගෙන තිබෙන්නේ ඔවුන්ගේ පවුලට ආවෙණීක වූ ඇහිබැම සහ සිහින් නහය මෙම ප්‍රතිමාව සදහා ඔහු යොදාගෙන තිබෙන බවයි.එසේම තවත් පර්‍යේශකයෙක් පෙන්වා දි තිබෙන්නේ ඔහු තම මිත්තණියගේ අනුරුවක් නිර්මාණය කර ඇති බවයි. කෙසේ වෙතත් මේ නිර්මාණය මෙසේ සිදු කිරීමට පාදක වූ හේතුව මේ වන තුරුත් සොයා ගැනීමට කිසිවෙක් සමත් වී නැහැ.
අංක නවය-ලිබර්ටි ප්‍රතිමාවට සමානව එහි අංග ලක්ෂණ අනුව නිර්මාණය කරන ලද තවත් ප්‍රතිමා කිහිපයක් ලොව පුරා නිර්මාණය වී තිබෙනවා.පැරිසීයේ ජාර්දින් දු ලක්ශෙම්බර්ග් හි මෙම ප්‍රතිමාවට සමාන ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා.එසේම ප්‍රංශයේ 100 වන සංවත්සරය සැමරීම සදහාද ලිබර්ටි ප්‍රතිමාවට සමාන තවත් ප්‍රතිමාවක් නිර්මාණය කර තිබෙනවා.මෙම නිර්මාණ සදහා ආධාරකරුවන් බොහෝ උද්‍යෝගයෙන් දායකත්වය දැක්වූ බවද සදහන්.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment