සේවරි මෆින් එහෙමත් නැත්නම් රසම රස කප් කේක් වර්ගයක් ගෙදරදීම හදන්නේ කොහොමද කියලා තමයි දැන් කියලා දෙන්න යන්නේ.ඔයාලගේ ගෙවල් වලත් ඉන්නවනම් කෑමට හොර චුටි බබාලා,ඕගොල්ලොන්ට පුළුවන් වෙනසකට වගේ මේ කෑම ඒ ගොල්ලන්ට හදල දීලා බලන්න.මේක බැලු බැල්මට කප් කේක් එකක් වගෙයි.හැබැයි පැණි රහ නෑ.මේක ලුනු රසයි. පොඩ්ඩොනම් ඔන්න ගොඩාක් කැමති වෙයි කන්න. බලන්නකෝ එහෙනම් මේ මෆින් හදාගන්නේ කොහොමද කියල.
අවශ්‍ය ද්‍රව්‍ය:https://www.yourchoiceway.com/
- පාන් පිටි කෝප්ප 2(300g)
- චෙඩාර් චීස් කොපප් 3/4(55g)
- සිහින්ව කපාපු හැම් කෝප්ප 1/2
- ඇට ඉවත් කර ලා පොඩියට කපාගත්තු මාළු මිරිස් කරල් 1 හෝ බෙල් පේපර් https://www.yourchoiceway.com/
- සිහින්ව කපා ගත් හතු කෝප්ප 1/4
- බටර් 150g උණු කරලා.
- නැවුම් කිරි කෝප්ප 1 (250ml)
- යන්තමට බීට් කරගත්ත බිත්තර 1https://www.yourchoiceway.com/
- කුඩාවට කපාගත්ත පාසලි මේස හැඳි 1
- මුලින්ම ඔයාගේ අවන් එක සෙල්සියස් අංශක 180ට රත් කරගන්න.ඔයාගේ අවන් එක ෆැන් ෆොස්ඩ් අවන් එකක් නම් සෙල්සියස් අංශක 160ට රත් කරගන්න.
- ඒ වගේම මෆින් ට්‍රේ එකකට මෆින් ලයිනර් දලා ලෑස්ති කරගන්න.
- ඉන්පසු ලොකු භාජනයක් අරගෙන පිටි,චීස්මා,මාළු මිරිස් හා හතු දමා ගන්න,ඒ වගේම ජෝග්ගුවක් අරගෙන බිත්තර,කිරි සහ බටර් ටික දාගෙන මිශ්‍ර කරන්න. https://www.yourchoiceway.com/
- දැන් තෙත අමුද්‍රව්‍ය ටික වියලි අමුද්‍රව්‍ය ටිකට දාගෙන හොඳින් කලවම් වෙනතුරු මිශ්‍ර කරන්න.
- අන්තිමට කලින් සුදානම් කරගත්තු බේකින් ට්‍රේ එකට මේ මිශ්‍රණය වක්කරලා විනාඩි 15-20 ක් පමණ බේක් කරගන්න. https://www.yourchoiceway.com/
දැන් වැඩ ඔක්කොම ඉවරයිනේ.ඊට පස්සේ ඉතින් මෆින් ටික නිවුනට පස්සේ කන්න තමයි තියෙන්නේ..
0 comments:
Post a Comment