- පෙති කපපු පාන්
- මැදට මිශ්‍රණයක්
- බිත්තර දෙකක්
- බිස්කට් කුඩු
- පොල් තෙල්
- තම්බාගත් අල 200g
- ලීක්ස් 50g
- කැරට් 100g
- ගම්මිරිස් තේ හැදි 1ක්
- කහකුඩු තේ හැදි 1/4ක්
- මිරිස් කුඩු තේ හැදි 1ක්
- තුනපහ තේ හැදි 1ක්
- ළූණූ ගෙඩි 1ක්
- සුදු ළූණූ තේ හැදි 1ක්
- ඉගුරු තේ හැදි 1ක්
- අමු මිරිස් කරල් 4ක්
- අබ ඇට තේ හැදි 1/2ක්
- කරපිංචා ඉත්තක්
- රම්පේ කොල 1/2ක්
ඔබට මතක ඇති අපි එළවලු රොටි සාදන්න ගත්තු මිස්ශ්‍රනය.(එළවලු රොටි සාදන ආකාරය බලන්න මෙතනින්) එකම මේකටත් පාවිච්චි කරන්න පුළුවන්.
පහත ආකාරයට මිශ්‍රණය සකසා ගන්න,- තෙල් ස්වල්පයක් රත්කර එයට අබ ඇට දමා පුපුරන විට ළූණූ, ඉගුරු, සුදු ළූණූ, කරපිංචා, රම්පෙ, අමුමිරිස් එක්කර රන්වන් පැහැ වන විට තුනපහ, කහ, මිරිස්, ගම්මිරිස්, ලුණු එක්කරගන්න.
- මද වෙලාවකින් කැරට් එකතුකරන්න.
- පසුව ලීක්ස් දමා සුළු වේලාවක් තම්බා පොඩි කරගත් අල එකතු කරන්න.
- හොදින් මිශ්‍රකරන්න.
- පෙති වල හතර පැත්ත කපා ඉවත් කරන්න.
- රෝලර් එකකින් පාන් පෙති තුනී කර ගන්න.
- සාදා ගත් මිශ්‍රණය පාන් පෙත්තෙ මැදට තබා රෝල් කර ගන්න.
- ඉන්පසු වතුරෙන් හෝ බිත්තර සාරැ ගාලා අතින් තඳ කරලා අලව ගන්න.
- රෝල් කරාට පස්සෙ රෝල් එකේ දෙපැත්තත් ඒ වගේම අලව ගන්න.
- ඊට පස්සෙ බිත්තර සාරැ එකේ දාලා බිස්කට් කුඩු එකේ දවටලා තෙලෙන් බැද ගන්න.හරිම ලේසියි 😊
0 comments:
Post a Comment