අද අපි කතා කරන්න යන්නේ දොළොස් දහසක් මහ රහතන් වහන්සේලාගේ පාදස්පර්ශයෙන් අති පාරිශුද්ධත්වයට පත් වූ සුවිශේෂි ස්ථානයක් ගැන,ඒ නමින් කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයි.
මම හිතන්නේ වැඩි දෙනෙක් මෙහි ගිහින් නැතුව ඇති.වනයක් මැද සැගවිලා කිව්වොත් නිවැරදී.
මෙහි,අනුරාධපුර මුල් යුගයට අයත් රෝහණ රාජධානි සමයේදී මේ අවට බෞද්ධ ප්‍රබෝධයක් පැවති බව හෙළිකරන කටාරම් කෙටූ ලෙන්, සෙල්ලිපි, පැරණි දාගැබ් මෙහි වනගතව පැතිර තිබෙනවා.
සමහර ලෙනක වර්තමාන ආරණ්‍යයේ හිමිවරු වැඩ වසනවා.
මෙහි පිහිටා තිබෙන පර්වත 5ක් ඇසුරේ කටාරම් කෙටූ ලෙන් 50ක් පිහිටා තිබෙනවා.
ඔයාලා දන්නවද මෙම ස්ථානය හා බැදි කතාවකුත් තියෙනවා.. ඒ තමා රහතන් වහන්සේලාගේ යුගය අවසන් වී ගියායින් පස්සෙ ආයෙමත් මේ බිම වනයෙන් වැසී යන්නට ඇති.
1942 දි විතර අපූරු උපාසක මහත්තයෙක් මේ මහ වනය පීරාගෙන ඇවිත් තියෙනවා. ඒ තමයි මෛත්‍රී උපාසක මහත්තයා.
උපතින් අන්‍යාගමිකයෙකු වූ මෙතුමා බුදු දහම වැළඳගෙන මේ මහ වනයට තනියම ඇවිත් මෙහි වූ සුදර්ශන ලෙන සුද්ද පවිත්‍ර කරගෙන බණ භාවනාවෙන් කාලය ගත කරලා තියෙනවා.
පස්සේ ඒ මහත්තයගෙ ආරාධනයෙන් තමයි කුඩුම්බිගල වත්මන් නවෝදයේ පෙර ගමන්කරුවාණන් වහන්සේ වුණ තාඹුගල ආනන්දසිරි ස්වාමින් වහන්සේ වැඩමවාගෙන තියෙන්නේ.
උන්වහන්සේ මේ වන අරණේ ලද අසිරිමත් අත්දැකීම් දැනගන්න නම් විසිපස් වසරක වන දිවි තොරතුරු ලෙස එතුමන් ලියූ පොත කියවන්න ම වෙනවා.
මුලින්ම ලෙන් 10ක පමණ බිත්ති බැඳ කුටි වශයෙන් සකසාගෙන බණභාවනා කිරීම ආරම්භ කර තිබෙනවා.
ක්‍රිස්තු පූර්ව යුගයට අයත් සෙල්ලිපි 10කට වැඩි ප්‍රමාණයක් මින් හමුවෙනවා.
කුඩුම්බිගල ආරණයේ දී නටබුන් දාගැබ් අටක් දැකගත හැකියි.
ආරණ්‍යගත ස්වාමීන් වහන්සේලාට පිටතින් පැමිණ දානය සකස් කරන්නන්ට නැවතිය හැකි ශාලාවක් මෙහි තනවා තිබේ.
මේ බිමේ ස්ථාන කීපයක ම ස්වභාවික දිය උල්පත් පිහිටලා තියෙන්නේ හරි ම අපූරු විදියට.
වියළි කලාපයේ දැකගත හැකි අලියා, කොටියා, තිත්මුවා, අඳුන් දිවියා, වල්ඌරා, වැලිමුවා, ගෝනා, වලසා, කබල්ලෑවා වැනි ක්ෂීරපායීහු මෙම වනපෙත තුළ තවමත් සිටිනවා.
කොළඹ සිට මොණරාගල පොතුවිල් හරහා කි. මී. 340ක් පමණ දුරකින් තමා මේ කුඩුම්බිගල ආරණ්‍යය පිහිටා ඇත්තේ.
ඇත්තටම අපි හිතුවොත්,බිය දුරු කළ රහතුන්ට සොඳුරු නිවහනක් වූ මේ වන අසපුව තුළ හුදෙකලාව රැයක් පහන් කරන්නට අපගේ සිත් තව කොපමණ නම් ශක්තිමත් කර ගත යුතු ද කියලා මටත් හිතෙනවා.
පින්තූර මුල්හිමිකරු සතුයි 📸🙏
Kudumbigala
The Kudumbigala Sanctuary is 4,403 hectares in extent. It was declared a sanctuary on September 28, 1973. Despite it being a sanctuary, a little private ownership is allowed where villagers from Panama own land within the area. There was a period when they were driven away by terrorists but now they have reclaimed their land and are living a happy farming life.
While on a trip to the Kudumbigala Sanctuary, you can see the Helawa lagoon in its majesty and tranquility. Fishing in the lagoon is permitted and this is a practice that had been going on for many years before the area was declared a sanctuary.
උපුටා ගැනීමකි...
0 comments:
Post a Comment