- ජෙලටින් ග්‍රෑම් 10
- බිත්තර සුදු මද 2
- සීනී ග්‍රෑම් 125
- වතුර මිලිලීටර් 125
- වැනිලා එසන්ස් ස්වල්පයයි
- අවශ්ශ නම් හීනීයට කපපු කජු,ප්ලම්ස් ටිකක් උඩින් දා ගන්න.
- කලරින්.තමන් කැමති පාටක් හෝ පාට කිපයක් දාගන්න.
සාදන ආකාරය:
- බිත්තර සුදුමද හොදට බීට් කරන්න. වතුරවත්,කහමදවත් මේකට මිශ්‍ර කරන්නෙපා. එහෙම උනොත් හරියට එන්නැහැ.
- ජෙලටින් ටික වතුර වලට දාලා ඩබල් බොයිල් ක්‍රමයට උනු කරගන්න.
- බිත්තර ටික බීට් උනාම පුලුන් ගතිය එනවා.
- සීනී ටිකත් බිත්තර මිශ්‍රනයට ටිකෙන් ටික දදා බීට් කරන්න. සීනී ටික හීනී ඇට උනානම් ගොඩක් හොදයි. ඊටපස්සෙ ජෙලටින් ටිකත් එකතුකරල බිට් කරල ගන්න.
- ඊට පස්සෙ තව බාජනේකට මේ මිශ්‍රනයෙන් ටිකක් දාලා කලරින් දමා ගන්න.
- මුලින්ම එක කොටසක් ෆ්‍රිජ් එකට දාලා විනාඩි 5කින් අනිත් කොටස දාලා ෆ්‍රිජ් එකට දාලා ගන්න.
0 comments:
Post a Comment