- ජෙලි ලොකු පැකට් 1 (200 g)
- මාරි බිස්කට් 200 g
- බටර් 200 g
- මිල්ක්මේඩ් පොඩි ටින් 1
- ජෙලටින් තේ හැදි 3
- උනුසුම් වතුර කෝප්ප 1/2
- වැනිලා තේ හැදි 1/2
හදන හැටි:
- මාරි බිස්කට් ටික කුඩු කරගන්න.
- බටර් ටික දියකරගන්න. (නටන උනු වතුර භාජනයක බටර් භාජනය තියන්න. ඉක්මනට දිය වෙනවා. )
- බටර් ටික බිස්කට් කුඩු වලට දමා මිශ්‍ර කරන්න.
- තෙල් කඩදාසි දා ගත්ත ට්‍රේ එකක හොදට තුනී කරන්න. ( මේක තමා බේස් එක ) .ෆ්‍රිජ් එකට දාන්න. (මම ෆ්‍රීසර් එකේ දානවා ඉක්මනට හදා ගන්න ඕනි නම්)
- ජෙලටින් ටික උනු වතුර කෝප්ප 1/2 දියකර මිල්ක්මේඩ් පොඩි ටින් එකත් එක්ක මිශ්‍ර කරන්න.වැනිලා දාන්න.
- බිස්කට් බේස් එක හොදට හයි වුනාම ඊට උඩින් මිල්ක්මේඩ් ලේයර් එක දාලා සෙට් වෙන්න ෆ්‍රිජ් එකේ දාන්න.
- ජෙලි පැකට් එකේ ලියලා තියෙන වතුර ප්‍රමානෙන් බාගයක් දාලා ජෙලි හදාගෙන සෙට් වුනු මිල්ක්මේඩ් ලේයර් එක උඩින් දාලා ෆ්‍රිජ් එකට දාන්න.
- සෙට් වුනාම ලස්සනට කපාගන්න.
0 comments:
Post a Comment