- පාන් පිටි කැමති ප්‍රමාණයක්
- බිත්තර 1 -2
- රස අනුව ලුණු
- අවශ්‍ය ප්‍රමාණයට වතුර
- මුලින් පාන් පිටි / ලුණු /බිත්තර බෙලෙන්ඩර් එකට දමා ගන්න.පසු එකට වතුර ටිකක් දමා හොදින් බෙලෙන්ඩර් කරන්න.
- මේ පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳ නැහැ.එහෙම වුනොත් පැන් කේක් එක හදන කොට මහතට එවි.එතකොට රෝල්ස් ගොඩක් ලොකුවට තමා හැදෙන්නේ.(එ නිසා පිටි මිශ්‍රනය ගොඩක් තික් වෙන්න හොඳත් නැහැ/ වතුර ගතියට හොදත් නැහැ.මේ දෙකට මැද්දේ මේ පිටි මිශ්‍රනය ගන්න ඕනා.)
- පසු ඇතුලට දාන මිශ්‍රනය ඔයාලාට කැමති විදියට හදා ගන්න.අනිවාර්යයෙන් දෙහි ඇඹුල් දාන්න.එතකොට අමුතු රසයක් එනවා.
- පසු රොටි තැටියක් ගෙන ලිප තියා එක රත් වෙන්න තියන්න.ගින්දර අඩු වෙන් දාන්න.පස්සෙ හදා ගත් මිශ්‍රනයෙන් ටිකක් තැටියට දමා රවුමට තුනි කරන්න.
- එ විදියට තුනියට පැන් කේක් හදා ගෙන රොටියේ ටිකක් උඩට වෙන්න හදා ගත් කරි එක තියන්න.හදා ගත්ත කරි එක ගොඩක් වියළි කරියක් වෙන්න ඕනා.
- පසු රොටිය ටිකක් නවා ගන්න.
- පසු දෙපැත්තෙන්ම පොඩියට නවා ගන්න.දැන් හිමින් රෝල් කරන්න..
- මේ විදියට හදා ගත් රෝල්ස් ටික නැවත පිටි බැටර් එකේ දවටලා පාන් කුඩු හොදින් දවටා ගෙන ගැඹුරු තෙලේ බැද ගන්න.
Reviewed by Wanni Arachchige Udara Madusanka Perera
on
June 17, 2020
Rating: 5


0 comments:
Post a Comment