චොක්ලට් රසයට ප්‍රිය කරන ඔයාලට රසවත් චොක්ලට් මුස් එකක් හදන විදිහ කියලා දෙන්නයි කෑම ලන්තයෙන් මේ සුදානම් වෙන්නේ.මෙය ඉතා පහසුවෙන් සැදීමට හැකි පානයකි. ගෙදරට අමුත්තෙක් ආ විට පිළිගැන්වීමටද මෙය කදිමයි.
අවශ්‍ය ද්‍රව්‍ය:- කුකින් ක්‍රීම් 250ml
- ග්ලුකෝස් 100g
- වැනිලා එසන්ස් මේස හැඳි 4
- ඩාර්ක් චොක්ලට් 180g
- විපින් ක්‍රීම් 225ml
සාදන ක්‍රමය:
- කුකින් ක්‍රීම්,වැනිලා එසන්ස් හා ඩාර්ක් චොක්ලට් බඳුනකට දමා බොයිල් කරගන්න.
- ඉන්පසු එයට ග්ලුකෝස් එකතු කරන්න.
- මෙය ලිපෙන් බා නිවෙන්නට තබන්න.
- විපින් ක්‍රීම් වෙනත් බඳුනකට දමා බීට් කරගන්න.
- එයට චොක්ලට් මිශ්‍රණය එකතු කරන්න.
- ඉන්පසු එය පයිපින් බෑගයකට දමා එමගින් බඳුනකට දමන්න.
- ටික වෙලාවක් ශීතකරණයේ තබාගන්න.
- ගානිෂ් කිරීමට කජු හා සීනි බඳුනක තබා රත් කරගන්න.සීනි උණුවන විට ලිපෙන් බා කුඩාවට පොඩිකර චොක්ලට් මුස් එක උඩින් ඉසින්න.
0 comments:
Post a Comment