කෑම ලන්තයෙන් මේ සුදානම් වෙන්නේ රසම රස චොක්ලට් මාරි බිස්කට් පුඩිමක් සාදාගන්නා ආකාරය කියදීමටයි.
අවශ්‍ය ද්‍රව්‍ය:
- උණු කිරි කෝප්ප 02ක් (fresh milk හෝ කිරිපිටි ගන්න පුළුවන්)
- නිවුණු කිරි කෝප්ප 03ක් (fresh milk හෝ කිරිපිටි ගන්න පුළුවන්)
- කොන්ෆ්ලා තේ හැඳි 06ක් (ඉරිගු පිටි)
- චොක්ලට් පවුඩර් තේ හැඳි 03ක්
- සීනි මේස හැඳි 06ක්
- වැනිලා බින්දුවක්
- මාරි බිස්කට් 300g
- බටර් මේස හැඳි 02ක් (මාගරින් ගන්නත් පුළුවන්)
- ලිපේ තියන්න පුළුවන් භාජනයකට චොක්ලට් පවුඩර්,කොන්ෆ්ලා,සීනි,බටර් දාලා මිශ්‍ර කරගන්න.
- ඒකට නිවුණු කිරි කෝප්ප 03 දාලා හොඳට කවලම් කරන්න.
- දැන්.ඒ මිශ්‍රණය සහිත භාජනය ළිපේ තියෙලා අඩු ගින්දරේ හැඳි ගාන්න.කැටි ගැහෙන්න දෙන්න එපා.
- ටික ටික මිශ්‍රණය බුබුළු දාලා උකු වෙනකන්ම දිගටම හැඳි ගාන්න.
- හොඳට ක්‍රීම් එකක් වගේ උකු උනාම ළිපෙන් බාගන්න.
- අන්තිමට වැනිලා ටිකක් එකතු කරන්න.දැන් චොක්ලට් කස්ටඩ් එක හදලා ඉවරයි.
- දැන් මාරි බිස්කට් උණු කිරි වල පොගවන්න.ගොඩක් පොගවන්න එපා එතකොට බිස්කට් කැඩෙනවා.
- සුදුසු භාජනයක් ගෙන එය පතුලේ කිරිවල පෙගෙවූ මාරි බිස්කට් අතුරා ගන්න.
- දැන් බිස්කට් වලට උඩින් කලින් සාදාගත් චොක්ලට් කස්ටඩ් එකෙන් තට්ටුවක් දමා ගන්න.
- මාරුවෙන් මාරුවට කිරි වල පොගවපු බිස්කට් හා චොක්ලට් කස්ටඩ් දමා ගන්න.
- අන්තිමටම චොක්ලට් තට්ටුවක් දාලා ඉවර කරන්න.
- දැන් පැය 2-3 ක් ශීතකරණයේ තබන්න.
0 comments:
Post a Comment